Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
389
Views
"එයා ඉල්ලීමක් කළා මිය ගියාට පස්සේ පච්ච සංරක්ෂණය කරන්න කියලා.."

"ක්‍රිස් මුල්ම පච්චය කොටද්දී ඔහුගෙ වයස අවුරුදු 7යි.."

තමන් බෙහෙවින් ආදරය කරන, තමන්ගේ ජීවිතයට බොහෝ සමීප කෙනෙක් මිය ගියාට පස්සෙ ඔහුව, එහෙමත් නැත්නම් ඇයව මතක් වෙන්න ඔවුන් භාවිත කළ දෙයක් තමන් සන්තකයේ තබා ගැනීම එතරම් අරුමයක් නෙවෙයි. ඒත් සමහරු, ඒ වගේ තියාගන්න දේවල් ගැන ඇහැව්වාම සමහරවිට පුදුම හිතෙනවා. තම මියගිය සැමියාගේ ආදාහනය කළ දේහයෙන් නොපිලිස්සී ඉතිරි වූ ඇට කටුවක් ඔප දමා මුද්දක් හදා පලඳින බිරියක් ගැන මීට වසර දෙකකට විතර කලින් අහන්න ලැබුණා. ඒ වගේම තම මියගිය බිරියගේ කෙස් රොදක් බහාලු පැන්ඩනයක් කරේ එල්ලාගත් සැමියකු ගැනත් මීට කලකට පෙර අසන්නට ලැබුණා ඒත් මේ හැම දෙයකටම වඩා අපූරු ආකාරයට මියගිය සැමියා මතක් වෙන්න සිහිවටනයක් බිත්තියේ එල්ලූ බිරියක ගැන පුදුම හිතෙන කතාවක් තමයි මේ.

කැනඩාවේ සාස්කටූන් නගරයේ වාසය කළ 41 හැවිරිදි ක්‍රිස් වෙන්සල් ගැන නොදන්නා කෙනෙක් ඒ නගරයේ හිටියෙ නැති තරම්. ඒ පච්ච කෙටීමේ හසළ පළපුරුද්දක් ඇති ශිල්පියකු ලෙස ඔහු නමක් දිනා සිටි හින්දා. ඔහුගෙ පච්ච කෙටීමේ වෘත්තීය මධ්‍යස්ථානය ඇත්තෙන්ම විවිධ පච්ච රටාවන්වලින් හැඩ වූ කලාගාරයක් වගෙයි.

වතාවක් ක්‍රිස් තම බිරිය චෙරිල්ගෙන් අපූරු ඉල්ලීමක් කළා. ඒ තමයි තමන් මියගිය දවසක තම සිරුරේ ඇති පච්ච සමඟ හම ගලවා ඒවා සංරක්ෂණය කොට තම පච්ච කෙටීමේ මධ්‍යස්ථානයේ ඒවා එල්ලා තබන ලෙස. ඔහුගේ අපේක්ෂාව වූයේ තම සිරුරේ වූ කලාත්මක පච්ච කෘති තමන්ගෙ දරු මුනුපුරන්ට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීමයි.

හෘදය වස්තුව අධික වේගයෙන් සහ ආක්‍රමවත් ලෙස ස්පන්දනය වන "අල්සරේට්ව් කොලිටිස්" නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු ක්‍රිස් පසුගියදා නිදි යහනේදීම අවසන් හුස්ම හෙළුවා. ඒ මොහොතේම චෙරිල්ට මතක් වුණේ

තම සැමියාගේ ඉල්ලීමයි. ඒත් එය කළ හැකි ආයතනයක් හෝ පුද්ගලයෙක් මුළු කැනඩාවේම හොයාගන්න ඇයට හැකි වුණේ නැහැ. ඉන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ සෑහෙන වේලාවක් සෙවීමෙන් අනතුරුව ඇයට මිය ගිය අයගේ පච්ච සහිත සම සිරුරෙන් ඉවත්කොට සංරක්ෂණය කිරීමෙන් අනතුරුව රාමු කරන ලොව එකම ආයතනය සොයා ගැනීමට ඇයට හැකි වුණා. ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ පිය පුතු දෙපළක් විසින් කරගෙන යන මේ ව්‍යාපාරය හැඳින් වෙන්නේ "සේව් මයි ඉන්ක් ෆෝඑවර්" යනුවෙනුයි.

"පච්ච කියන්නේ යම් පුද්ගලයකුගේ අනන්‍යතාව හෙළි කරන දෙයක්. එය එම පුද්ගලයා ගැන බොහෝ දේ අනාවරණය කරනවා" මේ අපූරු ව්‍යාපාරයේ හිමිකරුවන් වන මයිකල් හා කයිල් ෂර්වුඩ් පවසනවා.

මේ ආකාරයෙන් පච්චය සහිත හම සංකීර්ණ සැත්කමක් මාර්ගයෙන් ඉවත් කර ගැනීම සඳහා මාස 3ක පමණ කාලයක් ගතවෙන බවයි සඳහන් වෙන්නේ.

ක්‍රිස් විසින් මුල්ම පච්චය කොටද්දී ඔහුගෙ වයස අවුරුදු 7යි. ඔහු ඒ පච්චය කොටන ලද්දේ තම නැන්දණියගෙ අතේ. එතැන් සිට ඔහු විසින්ම කරන ලද විසිතුරු පච්ච නිර්මාණ දහස් ගණනකගෙ සිරුරුවල ඔහු විසින් කොටනු ලැබුවා. ඒත් ක්‍රිස්ගෙ සිරුරේ බොහෝ පච්ච කොටා ඇත්තේ ඔහුගෙ බිරිය චෙරිල් විසිනුයි.

"ඔහු පච්ච සටහන් නිර්මාණය කර ඒවා ඔහුගේ සිරුරේ කොටන ආකාරය පිළිබඳව මට උපදෙස් දුන්නා. ඒ අනුවයි මම ඒවා ඔහුගෙ සිරුරේ කෙටුවේ" චෙරිල් පවසනවා. මේ ආකාරයෙන් අඟල් 5×5 ප්‍රමාණයේ පච්චයක් සිරුරින් ඉවත් කොට සංරක්ෂණය කිරීමෙන් අනතුරුව අධෝරක්ත කිරණ වීදුරුවක් යොදා රාමු කිරීමට ඩොලර් 1,600ක (රුපියල් 2,88,000ක් පමණ) මුදලක් අදාළ සමාගම විසින් අය කරනවා.

චෙරිල්ගේ අපේක්ෂාව වන්නේ සැමියාගේ සිරුරේ පැවති සියලුම පච්ච රාමු කිරීමයි. ඒ සඳහා ඇයට වැය කිරීමට සිදුවන මුදල ඩොලර් 80,000 කටත් (රුපියල් 1,400,000කටත්) අධිකයි.

ගැමුණු රත්නායක




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top