Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
525
Views
ඒ කුණු ගොඩේ තිබුණේ අත් පා නැති සිරුරක් 
 
කාමරයේ තිබිලා අසභ්‍ය සඟරා, වීඩියෝ කිහිපයක් හමුවුණා 
 
සාහසික ඝාතන සියල්ලම සමාජ ජාලවලට මුදාහැරලා 
 
මේ කතාව බොහෝ ඈත අතීතයකට දිව යන්නාක් වුණත් අදටත් බොහෝ පිරිසකගේ අවධානය දිනාගන්නා සිද්ධියක්. 
 
ස්ථානය කැනඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන කොන්සර්පර්වේටිව් පක්ෂයේ ජාතික මූලස්ථානයයි. පක්ෂයේ දේශපාලන මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂකවරයා පක්ෂ මූලස්ථානයට ලැබුණු පාර්සලයක් දිග හරිමින් සිටියා. 
 
පාර්සලය දිග හරිද්දිම ආවේ කුණු ගඳක්. ඒ සමඟම අධ්‍යක්ෂකවරයාගේ දෑතේ තැවරුණේ දුගඳ හමන රුධිරයයි. එහි වූයේ සිරුරකින් ඉවත් කරන ලද වම් පාදයක කොටසක්. පාර්සලයේ මතුපිට රතුපාටින් හදවතක රුවක් සිත්තම් කර තිබුණා. 
 
මේ දේ සිදු වුණේ මැයි මාසේ 29 වැනිදා දවසක. එදිනම රාත්‍රී 9ට පමණ ඔටාවා පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ඇමතුම ඔස්සේ ගිය පොලීසියට සොයා ගැනීමට ලැබුණේ කැනඩා තැපැල් අංශයේ තිබූ අමුතුම ආකාරයේ පාර්සලයක්. ඒ පාර්සලයේ අඩංගුව තිබුණේ පුද්ගලයෙකුගේ සිරුරෙන් ඉවත් කරන ලද කුණු වී ගිය වම් අතක්.

රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකට මෙලෙස සිරුරක කොටස් එවීමේ සිද්ධිය කැනඩාව පමණක් නොව අනිකුත් රටවල් ද ත්‍රාසයෙන් මෙන්ම භීතියට පත් කළ ආකාරයේ සිදුවීමක් වුණා. 
 
මේ සිදුවීම් සිදු වී සත් දිනකින් පාසල් දෙකකට තවත් පාර්සල් දෙකක් ලැබුණා. මොන්ට්‍රියල් හි සිට තැපෑලෙන් එවූ ඒ පාර්සල්වල වූයේද පුද්ගලයෙකුගේ සිරුරේ දකුණු කකුල හා අතකුයි. 
 
අමානුෂික හා අතිභයානක වූ මේ සිද්ධියත් සමඟ පොලීසිය සීරුවෙන් සිටිමින් පරීක්ෂණ ආරම්භ කළ අතර මේ සියලු සිරුරු කොටස් එකම පුද්ගලයෙකු බව ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් තහවුරු වුණා. එසේ නම් එලෙස අමානුෂික අන්දමින් මරා දැමුවේ කවුද? අත් පා මෙහි ඇත්නම් සිරුර කෝ? මරා දමන්නටත් මෙසේ තැපෑලෙන් සිරුරු කොටස් එවන්නටත් හේතුව කුමක්ද? මේ පොලීසියට විසඳන්න වුණු ගැටලු සමූහයයි. 
 
මයික් මොන්ට්‍රියල් ස්කෝඩන් ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක මුර සේවයේ යෙදුණු මුරකරුවෙක්. දිනක් රාත්‍රියේ නිවාස සංකීර්ණයේ අතුරු මාවතක කුණු ගොඩක තිබූ සූට්කේසයක් කෙරෙහි මයික්ගේ අවධානය යොමු වුණා. 
 
කුණු අධික ප්‍රමාණයක් එකතු වී තිබීම නිසා එය ඉවත් කර තිබුණේ නැහැ. තැපැල් මඟින් සිරුර කොටස් එවීමේ සිද්ධියේ උණුසුම නිසා මයික් කුණු ගොඩේ වූ සූට්කේසය වෙත ඔහු පොලීසියේ අවධානය යොමු කළා. එහි වූයේ කුණු වී දුගඳ හමමින් තිබූ අත්පා නැති සිරුරක්. අදාළ ප්‍රදේශයට පැමිණි පොලීසිය ප්‍රදේශයම තියුණු පරීක්ෂාවට ලක් කළා. පැය 18ක තියුණු පරික්ෂාවකින් පසු නිවාස සංකීර්ණය ආසන්න පටු විදී කිහිපයකින් සැක කටයුතු ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට පොලීසියට පුළුවන්කම ලැබුණා. 
 
මිනිස් සිරුරක කොටස්, රුධිරය, කුණු ඇඳුම්, කඩදාසි හා තියුණු සහ මොට ආයුධ කිහිපයකුත් ඒ අතර වුණා. 
 
මේ වෙද්දි පොලසියි පැතිකඩ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබුණෘ. 
 
‘‘අපි පළමුවෙන්ම කළේ අදාළ ප්‍රදේශයේ නිවාස සංකීර්ණවල සවිකර තිබු කැමරා පරීක්ෂා කිරීමයි. එක්තරා පුද්ගලයෙක් කීපවරක්ම කුණු බෑග් රැගෙන කුණු බහාලන ස්ථානය වෙත යනවා ඒවායේ පටිගත වෙලා තිබුණා. අප ඒ පුද්ගලයාගේ රූපය තැපැල් පාර්සල් තැපැල් කිරීමට පැමිණි පුද්ගලයාගේ පටිගතව තිබූ රූපයත් එක්ක සංසන්දනය කළා. ඒ හැම තැනම හිටියේ එකම පුද්ගලයා. අපි ඒ අනුව සැක කටයුතු පුද්ගලයෙක් හඳුනා ගත්තා...‘‘ 
 
අදාළ පුද්ගලයා තට්ටු නිවාසයේම පදිංචි 29 හැවිරිදි අයෙක්. ලුකා නම් ඔහු නිවාසයට කුලියට පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදියි. ඔහු එහි කුලිය ජුනි මස දක්වාම ගෙවා තිබුණා. පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කරද්දි මධ්‍යම රාත්‍රීයත් පහුවෙලා තිබුණා. 
 
ඒ පරික්ෂාවෙන් පසු පොලීසියට සැකය තහවුරු වුණා. නිවසේ තැනින් තැන කීප පොළකම රුධිර සලකුණු වූ අතර ඒ වනවිටත් ලුකා නිවස හැරගොස් හිටියා. එසේ යාමට නිවස හිස් කරන්නත් ඔහු අමතක කරලා නැහැ. 
 
එහි තේරුම ඔහු පලාගොස් ඇති බවයි. 
 
යළිත් මේ කතාව ඇදෙන්නේ ආපස්සටයි. දිනය මැයි 25. සිරුර කොටස් තැපෑලෙන් ලැබීමට දින හතරකට පෙර දිනයක්. ඇමරිකාවේ මොන්ටානා ප්‍රදේශයේ පදිංචි නීතිඥයෙකු වන රොජර් ගේ දෑසට අහම්බෙන් මෙන් ලක් වූයේ අමුතුම ආකාරයේ වීඩියෝ දසුනක්. එය මිනිත්තු 11ක දිග වීඩියෝ පටයක්. 
 
‘‘ඒකෙන් පෙන්නුවේ නිරුවත් පුද්ගලයෙකු ඇඳකට තබා බැඳ තිබෙන ආකාරයයි. කාමරය අඳුරුව තිබුණා. පසුබිමෙන් ගීතයක් වාදනය වුණා. වීඩියෝ පටය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු ඉන් පෙණුනේ අර ඇඳේ සිටි පුද්ගලයාට පිහියෙන් අනින අන්දමයි...‘‘ රොජර් තමා දුටු වීඩියෝ පටය විස්තර කළේ එහෙම. 
 
රොජර් මේ පිළිබඳව ටොරන්ටෝ පොලීසියට දැනුම් දී තිබුණත් ඔවුන් ඒ පිළිබඳ තැකීමක් කර නැහැ. පසුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වුණේ මෙම වීඩියෝ පටය ව්‍යාජ එකක් නොව සැබෑවක්ම බවයි. 
 
එසේ නම් මේ ආසියානුවා කවුද? පොලීසිය පසුව හඳුනාගත් පරිදි ඔහු ලින් ජුන් නැමැති චීන ජාතිකයෙක්. චීනයේ සිට ලින් කැනඩාවට ආවේ එහි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ පරිගණක විද්‍යා සිසුවකු ලෙසයි. 
 
ලීන් ග්‍රිෆින්ටවුන් ප්‍රදේශයේ කාමරයක පදිංචියට ආවේ සිය මිතුරු සරසවි සිසුවෙකු සමඟ නතරව සරසවි යෑම සඳහායි. 
 
‘‘මම ලීන් අන්තිමට දැක්කේ විසිපස්වැනිදා. එදා සිට ඔහු ගැන තොරතුරක් නොමැති නිසා පොලීසියට දැන්වුවා..‘‘ යැයි මිතුරා පවසා තිබුණා. 
 
‘‘ලීන් සහ ලුකා අතර සමීප සම්බන්ධකමක් තිබූ බව අපට පරීක්ෂණවලදී අනාවරණය වුණා. ලීන්ගේ අතුරුදහන් වීමත් සමඟ අප ඔහුගේ පවුලේ උදවිය චීනයේ සිට ගෙන්වාගෙන ඩී.එන්.ඒ. පරීක්ෂන සිදු කොට ඝාතනයට ලක් වූ තැනැත්තා තහවුරු කරගත්තා..‘‘ යැයි පැවසුවේ පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරියෙක්. 
 
අපරාධකරු තැපැල් කළ ඇතැම් පාර්සල සමඟ ලිපියක්ද යවා තිබුණු අතර ඉන් කියැවුණේ සිරුරේ කොටස් හයක් බෙදා හැර තිබූ ස්ථාන පිළිබඳවයි. ලිපි සමඟ ඝාතකයා පිළිබඳව තවත් තොරතුරු හෙළි කර තිබුණත් පොලීසිය ඒ කිසිවක් මාධ්‍යට හෙළි කළේ නැහැ. 
 
‘‘එවැනි තොරතුරු හෙළී කිරීමෙන් සමාජයට වෙන්නේ හානියක්. මේ සිද්ධිය නිසා සමාජය කොයි තරම් කැළඹුණාද කිවහොත් පසුගිය දවසක ජනතාව බියවැද්දීම සඳහා කෘතිම පාදයක් මහමඟ දමා ගොස් තිබුණා...‘‘ 
 
මේ අතරතුර පොලීසිට ලුකා විසින් වීඩියෝ කරන ලදුව අන්තර්ජාලයට මුදාහැර තිබූ ඝාතන සිද්ධීයේ තවත් වීඩියෝ පට සොයා ගනු ලැබුවා. ඒ වීඩියෝ පටයේ ඇතැම් දර්ශන ශිෂ්ඨ සමාජයක ජනතාවක් නොදැකිය හෝ නොඇසිය යුතු ඒවායි. ඝාතකයා කෙතරම් මානසික විකෘතිතාවයකින් පෙළෙන්නෙකුද යත් ඔහුගේ ඇතැම් ක්‍රියා මිලෙච්ජ බවද සඳහන් වුණා. 
 
ලුකා පිළිබඳ සොයා බැලු පොලීසියට දැනගත හැකිවුණේ ඔහු එක්තරා නගරයක අසභ්‍ය ආයතනයක නළුවෙකු බවයි. පොලීසිය දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීමෙන් පසු හිස් සොයා ගත්තේ ජුලි මස පළමුවැනිදා. 
 
මොන්ට්‍රියල් නගරයේ උද්‍යානයක විලක් අයිනේ කුණු වී විරුපී වී ගිය හිසක් ඇති බවට ලද නිර්නාමික දුරකථන ඇමතුමකින් හිස සොයා ගනු ලැබුවා. ලීන් ඝාතනය කර කොටස් කළ ලුකා ඒ කොටස් විවිධ තැන්වලට තැපැල් කර වහාම පැරීසියට පලා ගොස් තිබුණා. 
 
ලුකා ඝාතකයා ලෙස හඳුනා ගැනීමත් සමඟ පොලීසිය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළා. කැනඩා පොලීසිය විසිනුත් ඔහුට එරෙහි රතු නිවේදනයක් නිකුත් කර තිබුණේ දුටු තැන අත්අඩංගුවට ගැනීමට අවසර දෙමින්. 
 
ඔහු භාවිතා කළ ජංගම දුරකථනයේ සංඥා අනුව ඔහු රැඳි සිටි තැන සොයා ගැනීමට පොලීසිය ක්‍රියාත්මක වුණා. 
 
‘‘ඔහු නතරව සිටි කාමරයේ අසභ්‍ය සඟරා කිහිපයක් තිබී හමුවුණා. මීට පෙර 2010 වසරේදී ඔහු පැරිසියට පැමිණ දැන හැඳුනුම්කම් මත යම් යම් අය ආශ්‍රය කරලා තිබුණා. එහෙත් ඔහු පලා යනකන්ම ඔහු කවුද කියලා හුඟක් අය දැනගෙන ඉඳලා නැහැ....‘‘ 
 
ලුකා අත්අඩංගුවට ගැණූනේ ජුනි 04 වැනිදා. ඒ වනවිටත් අන්වර්ථ නාමයන් කිහිපයකින් ඔහු ෆේස් බුක් සහ යූ ටියුබ් වලට ඔහුගේ වීඩියෝ කිහිපයක් මුදා හර තිබුණා. 
 
මේ සියල්ල වේගයෙන් හඹා ගිය පොලීසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔහු සිටින ස්ථානය දැන ගැනීමට හැකිවුණා. 
 
ලුකා අධිකරණයට ඉදිරිපත් කළද තමා නිවරැදිකරු යැයි ඔහු පුන පුනා කියා සිටියා. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන තෙක්ම ලීන්ගේ හිස හම්බවෙලා තිබුණේ නැහැ. 
 
ඒ හිස හමුවූයේද ඔහු අත්අඩංගුවට ගෙන සිය රටට ගෙන ආ පසුවයි. 
 
ලීන් ඝාතනය, අසභ්‍ය මිලේච්ජ ක්‍රියාදාම ප්‍රසිද්ධියට පත් කිරීම, ජුගුස්ජානක දේ තැපැල් කිරීම සහ කැනඩා අගමැති ස්ටීවන් ඇතුළු පිරිසක් අපහසුතාවයට පත් කිරීම, ඔහුට විරුද්ධ තිබුණු චෝදනා වුණා. 
 
දැඩි මානසික විකෘතිතාවයකින් පෙළෙන පුද්ගලයෙකු ලෙස සලකන ලූකා සතුව ෆේස් බුක් 70ක්ද වෙනත් වෙබ් අඩවි 20ක්ද යූ ටියුබ් පිටු කිහිපයක්ද වූ බව සඳහන් වෙනවා. 
 
ලුකා පසුගිය වසරේ අපකීර්තිමත් ජාත්‍යන්තර චරිතය ලෙසද හඳුන්වනු ලැබු අතර කැනඩා මාධ්‍ය මඟින් ඔහු 2012 වසරේ පුවත් මවන්නා ලෙසද තෝර ගනු ලැබ තිබෙනවා. 
 
-සේමාලි කැල්ලපත 
 
පහත ජායාරූපයේ සිටින්නේ ලුකා අතින් අමානුෂික ලෙස ඝාතනය වූ චීන ජාතික ලීන්...





ලීන්ගේ ඝාතනය නිසා සොවින් තැවෙන ඔහුගේ දෙමව්පියන් හා පවුලේ අය..




ලීන් ඝාතනය හඹා ගිය පොලිස් නිලධාරින් ලුකාගේ කාමරය පරීක්ෂා කිරීමෙන් පසු සොයාගත් දේ...





ලුකා කොටුකරගැනීම සඳහා ජාත්‍යන්තරව විශේෂ රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඔහුගේ වීඩියෝ, හා දුරකථන සංඥා පොලීසිය විසින් හඹා ගියා. පහත දැක්වෙන්නේ ලීන්ගේ ඝාතනය සිදු කළ අවස්ථාවේ සිට එලෙස හමු වූ සිසිටීවි කැමරා දර්ශනයි...





පසුගිය වසරේ අපකීර්තිමත් ජාත්‍යන්තර චරිතය ලෙස විරුදාවලිය ලත් ලුකා අත්අඩංගුවට පත් වූ අයුරු පහතින්...








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top