Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
548
Views
Masha හා Dasha Ledeneva කියන්නේ රුසියාවේ නිරූපණ පාසලක අධ්‍යාපනය ලබමින් නිරූපිකාවන් සේ කටයුතු කළ යුවතියන් දෙදෙනෙක්. මොවුන් නිවුන් සහෝදරියන්. මේ රූමත් අක්කා නගෝ දෙන්නා නිරූපනයට වැඩි කැමැත්තක් දක්වන නිසාම නිරන්තරයෙන්ම ආහාරපාන පාලනය කර තිබෙනවා. දින පහ හය නිරාහාරව සිටි බවත් සදහන්. මේ වෙනකොට එක යුවතියකගේ බර කිලෝ ග්රෑම් 36 දක්වාත් අනෙක් යුවතියගේ බර කිලෝ 40 දක්වාත් අඩු වී තිබෙනවා.

අවශ්‍ය බර හා පෝෂණය නොමැතිකම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස රෝගාතුර වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොවුන් දැන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවත් වෛද්‍යවරුන් ඔවුන්ගේ ජීවිතය කෙසේ හෝ බේරා ගන්න උත්සහ කරමින් සිටින බවත් සදහන් වෙනවා. රෝහල් ගත කර දින තුනක් තුලදී ඔවුන්ට හෘදයාබාධයකට ගොදුරු වූ බවත් සදහන් වෙනවා. එක යුවතියකට හිස ඔසවා ගැනීමට වත් බැරි තරම් අසාධ්‍ය බවත් සදහන්.

මොවුන්ගේ මව මොවුන්ව දැන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ව නිවසේ සිට  සැතපුම් 265 ක් උතුරින් පිහිටා ඇති මොස්කව්හි රෝහලක නතර කර ප්‍රතිකාර කරන අතර ඔවුන්ව බැලීමට පවා දෙමාපියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට හේතුව අධ්‍යාපනයට මුල් තැන නොදී තමන්ගේ කැමැත්තට ශරීරය කෙට්ටු කරගෙන නිරුපන කටයුතු සදහා යොමු වීම කියලයි කියන්නේ. 



















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top