Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
1,267
Views
බොලිවුඩයට මේ දිනවල මගුල් සක්වලක් කිව්වාට වැරදි නැහැ.අනුෂ්කා ෂර්මා, දීපිකා පදුකෝන් ගෙන පටන් ගත් බොලිවුඩ් නිළියන් ගේ විවාහක ලැයිස්තුවේ අලුත්ම සාමාජිකාවක වන්නේ බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් ජය ගත් ප්‍රියංකා චොප්රාය.

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ මංගල උත්සවය ජෝද්පූර්හිදී උමේද් මාළිගය යේදී ආරම්භ කිරීමට නියමිත බව බොලිවුඩ් පුවත් ගෙන එනවා. 30 වැනිදා මෙහෙන්දි උත්සවයෙන් අනතුරුව විවාහ උත්සවය දෙසැම්බර් 02 වැනිදා සහ 03 වැනිදා හින්දු සහ කතෝලික චාරිත්‍රානූකූලව පැවැත්වුණි. එහිදි ඔවුන් දෙදෙනා අඩි 18ක කේක් ගෙඩියක් කැපීය.

ප්‍රියංකා  - නික් ආදර කතාව සුවිශේෂි එකක් බවට පත් වූයේ දෙදෙනාගේ ජනප්‍රියත්වයට වඩා දෙදෙනාගේ වයස් පරතරය නිසාවෙනි. මේ වසරේ ජූලි මාසයට ප්‍රියංකාට 36 සපිරුණු අතර සැප්තැම්බර් 16 වැනිදා නික් සිය 26 වැනි උපන්දිය සැමරුවා. නික් සහ ප්‍රියංකාට සුබ පතමින් හොලිවුඩ් පුවත් පළ කර සිටියේ ඔවුන් අපූරු යුවළක් බවයි.

ප්‍රියංකා චොප්රා අමෙරිකානු ගායක නික් ජොනාස් සමඟින් විවාහ ගිවිස ගත්තේ පසුගිය අගෝස්තු මස මුම්බායිහි පිහිටි ඇයගේ නිවසේදීයි. හින්දු චාරිත්‍රානූකූලව පැවැති එම උත්සවය නික් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්හට අලුත් අත්දැකීමක් වුණා.

කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් පසුගිය කාලය තුළ කලා ලොව සුලබව දක්නට ලැබුණු අතර ප්‍රියංකා සහ නික් ජෝනස්ගේ විවාහ ගිවිස ගැනීම ද එම කුලකයටම අයත් බව බොහෝ දෙනාගේ අදහස වුණා.

හොලිවුඩයේ නළුවකු මෙන්ම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු ලෙසත් නික් ජෝනස් මේ වන විට ඉහළ ප්‍රසිද්ධියක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top