Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 04
766
Views
සිය කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ගොනුකළ නඩු විභාගයකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමට නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


2015 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් (තෙරපිවරියකට තමන් හැඳ සිටි තුවාය ගලවා පෙන්වා ඇති බව) එරට ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනය මඟින් පළ කරන ලද පුවතක් මඟින් සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් ක්‍රිස් ගේල් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

එම චෝදනා විභාග කළ අධිකරණය ක්‍රිස් ගේල්ගේ කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමට ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනයට නියෝග කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනය පවසා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top