Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 04
894
Views
මෑතකදී විවාහප්‍රාප්ත වූ බොලිවුඩ් සිනමා තාරකා යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යුවල සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය පසුගියදා මුම්බායි නුවරදී පවත්වනු ලැබුවා. 

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් ඊට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මොවුන් දෙපල සිය විවාහ උත්සවයට සමගාමීව පැවැත්වූ තෙවන සාදය මෙයයි.

අමිතාබ් බච්චන්, ඓශ්වරයා රායි, ශාරුක් ඛාන්, අනිල් කපූර්, අනුෂ්කා ශර්මා, කරීනා කපූර් ඇතුළු බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් මීට එක්ව තිබෙනවා. 

මේ සඳහා ඉන්දීය ජනප්‍රිය ක්‍රීඩා තාරකාවන් වන කපිල් දේව් සහ සචින් ටෙන්ඩුල්කාර්ගේ සහභාගීත්වය කැපී පෙනුණු බවයි වාර්තා වන්නේ. 

ලෙබනන විලාසිතා නිර්මාණ ශිල්පී  සුහෙයිර් මුවර්ඩ්ගේ රතු පැහැ දිගු ගවුම් විලාසිතාවකින් හැඩගැන්වුණු  දීපිකා පදුකෝන් මෙහිදී කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව සිටි බවයි සඳහන් වන්නේ. 

වසර කිහිපයක් පෙමින් වෙලී සිටි දීපිකා - රන්වීර් යුවල ඉතාලියේ අතිසුඛෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පැවැත්වුවේ පසුගිය නොවැම්බර් මාසයේදී වන අතර ඔවුන් සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top