Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 03
1,545
Views
"මම නිරුවතට බයත් නැහැ. නිරුවත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ" 

"මගේ සිරුරෙන් තවත් කෙනෙක් පිනවන්න පුළුවන්නම් ඒකට මම පසුබටවෙන්නේ නැහැ"
 
 
සරාගි චිත්‍රපටවල රඟන නිළියන් බොලිවුඩයේ බෙහෙවින් දකින්න පුළුවන්. එම චිත්‍රපට සඳහා ඉන්දියානු නිළියන් අතර ඇත්තේ තරඟයක්. එහෙම ඉදිරියෙන් ඉන්න නිලියක් තමයි මේ රාඛි සාවන්ත් කියන්නෙත්.. 1978 නොවැම්බර් මස 25වන දින Neeru Bhedaහී උපත ලැබූ ඇය මේ වන විට 38 හැවිරිදි කාන්තාවක්. ඇය ගැන සති අන්ත පුවත් පතක තිබූ සටහනක් පහතින් දැක්වේ.

මීට අවුරුදු කිහිපයකට කලින් ඔඩිෂන් එකකට ආපු එක්තරා තරුණියක් පැනල් එක ඉස්සරහ තමන් ඇඳගෙන හිටපු ඇඳුම් එකිනෙක උනා දමන්නේ පැනල් එකේ හිටපු පිරිස පුදුම කරවමින්. බිකිනියකින් විතරක් සැරසී සරාගී ගමනින් අධ්‍යක්ෂකවරයා ඉදිරියට පැමිණි මේ තරුණිය කැමරාව ඉදිරියේ ඕනෑම රංගනයක් කිරීමට තමන් සූදානම් බව පවසන්නේ දෙපාරක් හිතන්නේ නැතිවයි. ඒක් කිලාඩි ඒක් හසීනා චිත්‍රපටයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ආපු මේ තරුණිය වෙන කවුරුත් නෙවෙයි බොලිවුඩයේ ආන්දෝලනාත්මක පුවත් මවන රාඛි සාවන්ත් සුන්දර රෑ සපුවත් ආවේගාත්මක හැසිරීමත් රාඛිව වෙනස්ම විදිහකට ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගිහින් තියෙන්නේ. 

රාඛි මොකද වැඩිය සද්දයක් නැත්තේ මේ දවස්වල ?
මේ මම සද්දනැතිව වැඩ පෙන්වන කාලයක්. පෞද්ගලික ජීවිතයට වඩා වෘත්තීය ජීවිතය ගැන තමයි මම මේ දවස්වල හිතන්නේ.මම වෙනස්ම තේමාවක් සහිත අලුත් චිත්‍රපටයක වැඩ භාරගත්තා. ඒ වගේම ඇඟ අඩුකරගන්න එක ගැන මේ දවස්වල හිතනවා.

ප්‍රමුඛ පෙළේ සිනමාපටවළ ඔබ පේන්නේ නැහැ?
මමනම් කවදාවත් ප්‍රමුඛ පෙළේද ? දෙවන පෙළේද ? කියලා චිත්‍රපටි කරන්නේ නැහැ. මට යමක් කරන්න පුළුවන්, මගේ ගාන ගෙවන්න, ඕන චිත්‍රපටයක් භාරගන්නවා. සමහර විට ඔබට මගේ හොඳ චිත්‍රපට මගඇරිලා ඇති.

අයිටන් නම්බර් එකක් වීම වාසියක්ද ?
ඇයි නැත්තේ. කවුරුහරි අපිව අයිටම් සෝන්ග් එකකට ගන්නේ අපි ජනප්‍රිය නිසා. ඒක නිසා චිත්‍රපටයට වෙනස්ම නිළියක් ලැබෙනවා. ඇත්තටම අපේ ඉදිරි ගමනටත් මේක ලොකු වාසියක්. මම වැඩිපුරම ඉන්න කැමතිත් ඒ වගේ දර්ශන වලට තමයි.

නිරුවත ඔබ ප්‍රතික්ෂේප කරනවාද ?
නිරුවත නැතිනම් අද රාඛි කෙනෙක් මෙතන නැතිවෙන්න ඉඩ තිබුනා. මම නිරුවතට බයත් නැහැ. නිරුවත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. කැමරාව ඉස්සරහ ඇඳුම් නැතුව වුනත් මම රඟපාන්න සූදානම්. ඒකයි රාඛිගෙයි අනිත් නිළියන්ගෙයි තියෙන වෙනස.

ඔබ නිතරම නිළියන් එක්ක ගැටුම් ඇතිකරගන්නවා ?
මම ගැටුම් ඇතිකරගන්නේ නිකම් නෙමෙයි හේතුවන් ඇතිව. බොරු කියන අය මට පේන්න බැහැ. මාධ්‍ය ඉදිරියේ මාව විවේචනය කරන අය කැමරාවෙන් පිටුපස කාටත් හොරා ඇඳුම් ගලවනවා කියන එක මම හොඳට දන්නවා . ඒ නිසා මට ඔය කිසිකෙනෙක් අදාළ නැහැ.

රාඛි සහ සනී අතර තිබෙන ගැටුම කවදා නවතීවිද ?
ඒක කවදාවත් ඉවරවෙන එකක් නෙමෙයි. මට ඔය ගෑනිව පේන්න බැහැ. එයා කවුද කියන්න මේ මුළු ලෝකෙම දන්නවා. එහෙම කෙනෙක් බොලිවුඩ් වලට වද්දගැනීමත් පිස්සුවක්. මම ඉන්නේ එයා මූණට හම්බෙනකම් හොඳවැන් දෙකක් කියලා දෙන්න.

නමුත් රාඛිට වඩා සනී ජනප්‍රියයි?
මේක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවනේ. කවුරු කොහොම කිවුවත් මම දන්නවා සනීට වඩා මම ජනප්‍රියයි. ආයේ  කතා දෙකක් නැහැ.ඒක ස්ථීරයි

සමහර නළුවන් ඔබත් සමග වැඩ කරන්න කැමති නැහැ කියන්නේ ඇත්තද ?
කවුද එහෙම කතාවක් කියන්නේ. එහෙනම් මම මේ තරම් දුරක් එන්නේ කොහොමද ? කවුරුහරි මගෙත් එක්ක රඟපාන්න බැහැ කියනවනම් ඒක එයාලගේ අදක්ෂකම. සමහර විට රාඛී එක්ක රඟපාන එක එයාලට අභියෝගයක් වෙන්න ඇති.

මෑතකදී ඔබ අධ්‍යක්ෂකවරයෙකුට පහරදුන්නා?
මම නිතරම ඇත්ත කතාකරන කෙනෙක්.අසාධාරණය මට පෙන්නන්න බැහැ. ඔය කියන අධ්‍යක්ෂකවරයා මගේ ලඟම මිතුරියකට අනවශ්‍ය යෝජනාවක් කරලා. එයාට මම සැලකුවා හොඳ වැඩියි. තවත් කට ගහගෙන ආවනම් මම දෙන්නේ සෙරප්පුවෙන්.

ඔබ අසභ්‍ය වීඩියෝ පටවල රඟපාන නිළියක්ද ?
ඔව් මම ඒ ගැන කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. හැබැයි මම ඒ දේවල් කරන්නේ කාටවත් හිරුහැරයක් වෙන විදිහට නෙමෙයි. මගේ සිරුරෙන් තවත් කෙනෙක් පිනවන්න පුළුවන්නම් ඒකට මම පසුබටවෙන්නේ නැහැ.

කවුරුහරි ඔබ කරනදේ වැරදියි කිවුවොත් ?
කවුරුත් එහෙම කියන්නේ නැහැ. මොකද රාඛි ඉස්සරහ එයාට විරුද්ධවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. රාඛි විවේචනය කරන්න පුළුවන් එයාටම විතරයි. වෙන කාටවත් ඒ තරම් හයියක් නැහැ කියලා මම හොඳට දන්නවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top