Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 03
135
Views
කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී ඊයේ  (02) උදෑසන 6.30ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.


එකම පවුලේ මව,පියා සහ පුත්‍රයා මෙම අනතුරට ලක්වී ඇති අතර පියාට බරපතල බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෝටර් රථය බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා. 

මෙම අනතුරින් මාර්ගයේ තිබූ  දුරකථන කණුවකටද හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනයෙන් අනතුර සිදුව ඇතැයි මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.       
මෙම අනතුර අසල තිබූ වෙළඳසැලේ CCTV කැමරාවේ සටහන්ව තිබුනා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top