Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 03
167
Views
පන්නල බම්මන්න ප්‍රදේශයේ නිවසකට හොර රහසේ රිංගා ඇද යට නිරුවතින් සිට පසුව ඒ අසලට පැමිණි වයස අවුරුදු 11ක දැරියකට බරපතළ ලිංගික අතවරයකට ලක්කළ බව කියන සැකකරුවකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කටුගම්පල වත්තක කිරි එළදෙනුන් බලාගන්නා වයස අවුරුදු 33ක් වූ සැකකරුවෙකි. වින්ධිත දැරියගේ මව ඇගලූම් සේවිකාවක්. පියා වඩුකාර්මිකයෙක් බවත් සදහන්. මේ නිසා දැරිය ඥාති නිවෙස්වල ආරක්‍ෂාවට රදවාගොස් සිටියදී සැකකරු විසින් දැරියට එසේ අතවර කර තිබෙන බව සදහන්.

සිද්ධියට සතියකට පමණ පෙර ද සැකකරු අදාළ නිවසට පැමිණ තම ජංගම දුරකථනයෙන් ළමා ගීත පෙන්වමින් අනවශ්‍ය ලෙස දැරිය ස්පර්ශ කර අදාළ ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. සිද්ධිය වූ බැව් කියන දිනයේ ද ඇද යට සිට පැමිණ අපයෝජනය කරමින් සිටියදී දැරියගේ ලොකුඅම්මා දැරියට දිවා ආහාරය ගන්න පැමිණෙන ලෙසට හඩගා කථා කර තිබුණත් සැකකරු දැරියට පිහියක් පෙන්වා මේ පිළිබදව කිසිවකුටත් නොපවසන ලෙස තර්ජනය කර තිබෙනවා.  බියවී ඇත්තේ මන්දැයි ඇසුවහොත් ඇද යට බල්ලෙකු සිටි බව දැකීමෙන් යැයි පවසන ලෙසත් සැකකරු දැරියට බලකර තිබෙනවා.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන පසුව අදාළ නිවස පිහිටි බම්මන්න ප්‍රදේශයේ නිවසේ ඇද යට තිබී සැකකරුට අයත් බව කියන යට ඇදුම හා කලිසම ද සොයාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top