Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 02
994
Views
‘මම කිව්වා ශාසා නැතිව මම යන්නෙ නැහැ කියල..“
‘‘එයා අප මරා දමන බවට තර්ජනය කළා..“

ඊජිප්තුවේ සහ ස්පාඤ්ඤයේ උපත ලබා ලන්ඩන් නුවර සමලිංගික කාන්තා යුවළක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ශාසා ඉස්මයිල් ඊජිප්තුවේ උපන් කාන්තාවක් වන අතර ඇයගේ පෙම්වතිය වූයේ ස්පාඤ්ඥ ජාතික මාරියා රිකෝ නැමැති තරුණියක්. 

සමලිංගිකත්වය ලන්ඩනයේ අරුමයක් නොවුණ නිසාම ඔවුන් ලන්ඩනයේදී සාමාන්‍ය පරිදි දිවි ගෙවා තිබුණා. 

කෙසේ වෙතත් ඊජිප්තුවේ උපන් ශාසාගේ පියා ජීවත් වුණේ ඩුබායි නගරයේ. ඔහු ලබා දුන් දුරකතන ඇමතුමකින් පසු ඔවුන් දෙදෙනාම ඩුබායි බලා පිටත් වීමට සූදානම් වුණා.

සතුටින් ඩුබායි වෙත ගිය ඔවුන්ට එම සංචාරය එතරම් හොඳ එකක් නොවන බව දැනෙන්න පටන් ගතතේ ඩුබායි නගරයට පය තැබූ මොහොතේ සිටයි.

මෙම සමලිංගික ආදරවන්තයින්ට ඩුබායි නුවරදි මරණ තර්ජන එල්ලවන්නට පටන් ගත්තා.

කෙසේ වෙතත් අවසානයේ තම පෙම්වතිය රිකෝ සමගින් ශාසා පියාටත් රහසින්ම නිවසින් පලා ගියේ ජීවිතය ගැන තිබූ ආදරය නිසාමයි. නමුත් ඔවුන්ට අවාසනාවන්ත ලෙස නවතින්නට වූයේ තුර්කියේ බන්ධනාගාරයකයි.

කෙසේ වෙතත් පසුව මේ ආදරවන්තයින් යුවළට නැවත ස්පාඤ්ඤය බලා පැමිණීමට වාසනාව උදා වූ අතර ඔවුන් සියල්ල මාධ්‍යයට හෙළි කළා.

“මම ඇත්තටම අපේ කතාව ලොවට කියන්න තීරණය කළේ මර්දනය යටතේ ජීවත්වන සමලිංගික කාන්තාවන්ට එය උදව්වක් වෙයි කියල හිතුන නිසා” යැයි  රිකෝ ප්‍රකාශ කළාය.

එමෙන්ම ශාසා පැවසුවේ තුර්කි සිර මැදිරියේ ගතකළ කෙටි කාලය තුළ ලද අනපේක්ෂිත අත්දැකීම් අමානුෂික සහ පිළිකුල් සහගත බවයි.

ශාසාගේ පියා දුරකතනයෙන් දන්වා ඇත්තේ ඇගේ මව රෝගාතුරව සිටින බවයි.

“ඒත් ඒක බොරුවක්” යැයි පැවසූ රිකෝ “එයා අප මරා දමන බවට තර්ජනය කළා. අප සමලිංගික කාන්තාවන් වීමේ වරදට සිරගත කළ හැකි බවට තර්ජනය කළා.” යනුවෙන් ද ප්‍රකාශ කර තිබුණා.

අනතුරුව පවුලේ ඥාතීන් එක්වී, ශාසා කාමරයක් තුළ සිරකළ බවත් ඇය පැවසුවා.

කෙසේ නමුත් එතැනින් පලායාමට මෙම පෙම් යුවළ සමත්ව තිබූ අතර ගුවන්තොටුපළට පැමිණ ජෝර්ජියාව බලා පියාසර කළේ එතැනින් ලන්ඩනය බලා යාමට ගුවන් යානයකට ගොඩවීමේ අරමුණින්.

නමුත් ජෝර්ජියාව දක්වා ලුහුබැඳ ආ ශාසාගේ පියා එහිදී ඇයගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටු ඉරා දැමූ තිබුණා.

අනතුරුව ජෝර්ජියානු බලධාරීන් මෙම තරුණියන් දෙදෙනා තුර්කි දේශසීමාව කරා ගෙනගොස් ඇති අතර තුර්කි බලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.

එහිදී යම් ලියවිල්ලකට තමන්ගෙන් අත්සන් ලබාගත් බවත් එය “ත්‍රස්තවාදයට සම්බන්ධ ලියවිල්ලක්” විය හැකි බවත් රිකෝ පැවසුවා.

ස්පාඤ්ඤයේ සිටින ඇයගේ ඥාතීන්ට සිද්ධිය සැළවීමත් සමඟ ඔවුහු ස්පාඤ්ඤ පොලිසියට මේ ගැන දැනුම් දී තිබුණා.

අනතුරුව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම තරුණියන් දෙදෙනා නිදහස් කර ගත්තා.

“මම හිතුවේ නැහැ අපිට කවදාවත් ගෙදර එන්න පුළුවන් වෙයි කියල. ඔවුන් මාව නිදහස් කරන්න කැමති වුනා. නමුත් ශාසාව තියා ගන්නවා කිව්වා. මම කිව්වා ශාසා නැතිව මම යන්නෙ නැහැ කියල.” රිකෝ පැවසුවේ එවැන්නක්.

රිකෝ සහ ශාසා මේ වනවිට ස්පාඤ්ඤයේ රැඳී සිටින්නේ විවාහ ගිවිසගැනීමේ බලාපොරොත්තුවෙන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top