Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 02
1,025
Views

පුංචි තිරයේ රුවැත්තිය ලෙස කාගෙත් සිත් දිනාගත් චරිතයක් තමයි  රෂීපබා සංදීපනී කියන්නේ..පසුගිය දිනවල නම් ඇයව අපිට වැඩිපුර දකින්න ලැබුනේ රියැලිටි වේදිකාවේ. රංගන ක්ෂේත්‍රයෙත් නර්තන ක්ෂේත්‍රයෙත් කෙටි කාලයකින් ප්‍රේකෂක ආකර්ෂණය දිනාගත් රශිපබා මේ දිනවල නම් දකින්න ලැබෙන්නේ හිරු ටී.වී තුළින් විකාශනය වන සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන්.. ඉතින් ඇය මෙතරම් ජනප්‍රියත්වයත් සමඟ කලාවට ආ ගමන් මඟ ගැන ඇය කියන්නේ මෙහෙමයි.

* මොනවාද අලූත් වැඩ?

හිරු නාලිකාවේ සිද්ධාර්ථ ගෞතම විකාශනය වෙනවා..තවත් අළුත්ම ටෙලිනාට්‍ය දෙකක් හිරු නාළිකාවේ ළඟදීම විකාශනය වෙන්න තියෙනවා.

 * සිනමාවට සම්බන්ධ වෙන්නේ නැද්ද?

 තවම කැමති වෙන්න පුළුවන් නිර්මාණයක් ආවේ නැහැ. හොඳ නිර්මාණ ලැබුණු කාලවල මට ඒවාට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ළඟදී නම් මට ඒ වගේ හොද නිර්මාණ කරන්න ආරාධනා ලැබුණේ නැහැ.

 * ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

 ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමෝම දන්නවා මං පොඩි කාලේ ඉඳන්ම හැම තැනටම ගියේ අම්මයි තාත්තයි එක්ක කියලා. ඒ සහයෝගය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ.

 * රංගනයට පිවිසිලා කොච්චර කල්ද?

 වසර හයක් විතර වෙනවා.

 * ආදරේ ගැන මොකද හිතන්නේ?

 ඒක හරි සුන්දර දෙයක්. හැබැයි හරි කෙනා හම්බ වෙලා හරි විදිහට කරන දවසට තමයි. ඒ දේ හරි විදිහට ලැබෙයි කියල මම විශ්වාස කරනවා. හරි දේ ලැබෙන කල් බලාගෙන ඉන්න එක වටිනවා. වැරදි ආදරයක් එක්ක ඉන්නවාට වඩා.

 * ක්ෂේත්‍රයේ අයගෙන් යෝජනා ලැබෙනවාද?

 ක්ෂේත්‍රයේ අයගෙන් යෝජනාවක් ලැබුණත් මම කවදාවත් ක්ෂේත්‍රයේ කෙනෙක්ට කැමැති වෙන්නේ නැහැ.

 * රංගන හදාරලා තියෙනවද?

 ගොඩක් පොඩි කාලේ ඉඳන් රංගනය හැදෑරුවේ. ඒ ගැන මට පොතපතේ දැනුම වගේම ප්‍රායෝගික දැනුමක් ලබාගෙන තියෙනවා. හුඟක් තරඟ වලට සහභාගී වෙලා එයින් සමස්ත ලංකා ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. මගේ ගුරුවරයෙක් තමයි මගේ පිටිපස්සෙන් හිටියේ. ඒ පන්නරය නිසා තමයි මගේ රංගනයට සාර්ථකයි කියන වචනය අහන්න ලැබෙන්න හේතුව. එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නාට්‍ය කණ්ඩායමේ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා. ඉතින් ඒ වටා පිටාවේ දැනුම තියෙන නිසා මට හරි සතුටුයි.

* වෘත්තීය රංගන ශිල්පිණියක්ද?

 මම හිතනවා. දැන් වෙන වැඩක් කරන්න කාලයක් නැති තරම්. මේ අවුරුදු හයේ එක දිගට වැඩ කළා. දැන් ඇත්තටම වෘත්තිය වශයෙන් රංගන ශිල්පණියක් වෙලා.

 * දිගටම රඟපානවද?

 දිගටම රඟපානවා කියලා හිතුවේ නැහැ. පළවෙනි නිර්මාණයේ ඉදන්ම හිතුවේ ලැබුණොත් ආරාධනාවක් මම භාරගන්නවා කියලා. මම ගැන හරි සතුටුයි. මොකද මම වැඩ හොයාගෙන ගිය කෙනෙක් නෙමෙයි. මොකක්දෝ වාසනාවකට මේ වසර හය තුළ හොඳ නිර්මාණවලට සහභාගී වෙන්න ලැබුණා.

 * fashion ගැන මොකද හිතන්නේ?

 මම fashion කරන්න ආසයි. හැබැයි fashion කියන දේ ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. ලංකාව තුළ හැමතිස්සෙම fashion කරද්දි තමන් ගැන හිතන්න ඕනෑ. හරි විදිහට ගැලපෙන්න කළානම් හොඳයි. මගේ විලාසිතාවට රසිකයන් ගොඩක් කැමැති. මගේ ඇඳුම් නිර්මාණය කරන්නේ මම.

 * රියැලිටි ෂෝ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

 මම නම් හැමදාම හිතන්නේ තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් කියලා. එහි ජයග්‍රහණය හෝ පරාජය නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මට ලැබුණ අවස්ථා ගොඩක් තියෙනවා.

 * කැමති නැද්ද ගායන ක්ෂේත්‍රයට එන්න?

 ගොඩක් දෙනෙක් කියනවා. නමුත් ඒ ගැන මම ඉදිරියට හැදෑරීමක් කළාම තමයි යොමුවෙන්නේ. රැල්ලට සින්දු කියන එකේ නම් තේරුමක් තියේවි කියලා මම හිතන්නේ නෑ. මම ගීත රචනා කරන්න ආසයි.

 * වේදිකාව ගැන මොකද හිතන්නේ?

 මගේ ජීවිතේ ලැබුණු වටිනාම දේ. ලංකාවේ අග්‍රගන්‍ය වේදිකා නාට්‍ය ලැබුණේ මගේ වාසනාවට. එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ ගොඩක් විශිෂ්ට නිර්මාණ බිහි කරපු ආචාර්යවරයෙක්. සිංහබාහු” මනමේ” රත්නාවලි” ප්‍රේමතී ජායතී සෝකෝ මේ නාට්‍යවල ප්‍රධාන චරිත වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට. ඒ යටතේ ඉගෙන ගත්ත දේ තමයි මගේ රංගනයේ ගුණාත්මක භාවය ඇතිකර ගන්න ඉවහල් වුණේ.

 * වැඩ භාරගන්නේ තෝරලා බේරලාද?

 තෝරාබේරා ගැනීමකට අනිවාර්යෙන් යොමුකරනවා. ගුණාත්මක බවෙන් වැඩි නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මම එකම චරිතයට සීමා වෙලා නැහැ. විවිධ චරිත කරල තියෙනවා. දෙයක් කරන්න පුළුවන් වෙනස් චරිත විතරයි භාරගන්නේ.

 * නිරූපණය ගැන මොකද හිතන්නේ?

 අපට රංගනයත් එක්ක නිරූපණය කරන්න වෙනවා. ඒකෙන් මම මට ගැළපෙන සීමාවක ඉඳන් තමයි කරන්නේ.

 * එතකොට ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?

 මට ගැලපෙන ඒවා තෝරලා බේරලා තමයි.

 * ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

 ක්ෂේත්‍රය හොඳයි. දක්ෂතාවය මත යනකොට බොහොම හිමින් ගමනක් යන්න වෙන්නේ. ගොඩක් දෙනෙක් ජනප්‍රියත්වය පස්සේ දුවනවා. අද ක්ෂේත්‍රයේ ගොඩක් ඉන්නේ කිසිම අවබෝධයක් හැදෑරීමක් නැති අය. නමුත් අවබෝධය එක්ක යන ගමන හෙමින් වුණත් පැවැත්මක් තියෙනවා.

 * කැපිලි කෙටිලි තියෙනවද?

 මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. ඉතින් කොහොමවත් හැඳුනුම්කමට යන ගමනක් නෙමෙයි මේක. දක්ෂතාවය කියන දේ පමණක් උපයෝගී කරගෙන ගමන යනකොට කැපිලි කෙටිලි ඕනෑතරම් තියෙනවා. කවදාවත් මං ඒවට සැලිලා නෑ. සැලෙන්නෙත් නෑ. මම තවත් දිරිමත් වෙනවා.

 * මෙගා ටෙලි නාට්‍ය ගැන මොකද හිතන්නේ?

 මෙගා ටෙලි නාට්‍යවල යම් කිසි ඒකාකාරී චරිත වලට යොමු වෙනවා. මං ලොකු කොටස් ප්‍රමාණයේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා දැන් අඩුයි. නමුත් හොඳ නිර්මාණයක් හම්බ වුණොත් යමක් කරන්න පුළුවන්. මම ඒවාට සම්බන්ධ වෙනවා.

 * ඉස්සර ගොඩක් normal ඇන්ෙද්. දැන් ඊට වඩා වෙනස්. ඒකට හේතුව මොකක්ද?

 මම ක්ෂේත්‍රයට එන්නේ ගොඩක් පොඩි කාලේ. ඒ කාලේ අපිට ෆැෂන් කරන්න ලොකු සීමාවක් තියෙනවා. ඒ නිසා ඒ කාලෙට අනුව ෆැෂන් කරනචා. දැන් තරුණියක් හැටියට මේ වයසට ගැලපෙන ෆැෂන් කරනවා.

-දිනූෂි රත්නායක-

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top