Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 01
1,260
Views
‘‘අවුරුදු තුනක ඉදලා පිළිකා රෝගයෙන් පෙළෙන්නේ..“
‘‘එයා කැමති විදිහටයි අවමංගල්‍ය කටයුතු කළේ..“
‘‘මගේ සුරංගනාවී නැතුව පාලුයි..“
උපදින හැම කෙනෙකුටම කවදා හරි දවසක උත්පැන්න සහතිකයක් ලැබෙනවා වගේම මරණ සහතියකටත් හිමිකම් කියන්න වෙනවා. 

නිමක් නැති මේ සංසාරයේ ඉපදෙන බොහෝ දෙනෙකු, බොහෝ විට මිය යන්නේ නොසිතූ නොපැතූ මොහොතක. ඒ අතරේ තවත් සමහරෙකුට රෝහලක ඇඳක් මතට වී මරණය පෙනි පෙනී කල් ගෙවන්නට සිදුවන්නේ බොහෝම අවාසනාවන්ත විදිහට. මියයන විට හදවතේ තිබූ එකම බලාපොරොත්තුව සපුරාගෙන අවසන් නම් ඒ මරණය කොතරම් සුවදායක එකක් වේවිද..?

ඒ විදිහට පිළිකා රෝගයකට ගොදුරු වී මරණයට කල් ගැන ගැනත් තම එකම අපේක්ෂාව ඉටුකරගෙන සදහටම මේ ලෝකෙ දාලා ගිය පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාවයි මේ. 


Eileidh Paterson ගැන පහුගිය දවස්වල ලෝකය පුරා බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තා. ඒ ඇගේ කතාව තරමක් වෙනස් එකක් නිසාවෙන්.

පිළිකා රෝගයකට ගොදුරුව වසර 3 ක් තිස්සේ 5 හැවිරිදි Eileidh Paterson සිටියේ මරු හා සටන් කරමින්.

එහෙත් මියයන්නට පෙර, ඇය පැතූ එක් සිහිනයක් තිබුණා. ඒ ඇගේ හොඳම මිතුරා වන ‘‘පැල්“ සමග විවාහ වීමයි.

ඇයගේ අවසන් සුසුම් වා තලයට පිටවන්නට කලින් මේ සිහිනය සැබෑවක් කර දෙන්නට Eileidh ගේ සහ පැල්ගේ දෙමාපියන් කටයුතු කළා.

දරුණු පිළිකා රෝගය සමග සටන් කරන අතරතුරේදී Eileidh විවාහ දිවියට එළඹුණා.

එම විවාහ උත්සවයේ ඡායාරූප අන්තර්ජාලයට එක්විමත් සමගයි බොහෝ දෙනෙකු ඇය ගැන අවධානය යොමු කළේ.

කෙසේ වෙතත් මේ විවාහයෙන් සති කිහිපයකට පසු Eileidh සදහටම දෙනෙත් පියා ගත්තේ ඇගේ සමීපතමයින් සෝ සයුරක ගිල්වමින් සහ ලොව පුරා බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් තෙත් කරමින්.

Eileidh ගේ වියෝවෙන් පසු ඇගේ මව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි මේ..

‘‘දියණියට අවුරුදු තුනක ඉදලා පිළිකා රෝගයෙන් පෙළෙන්නේ..ඇය පසුගිය 1දා අපිව අතහැරලා ගියා. එය දරා ගන්න බැරි වේදනාවක්. ඒ හිස්තැන පුරවන්න කාටවත්ම බැහැ.. ඇය මිය යන බව දැනගත් පසුව ඇය කැමති විදිහට ඇගේ හොදම මිතුරා එක්ක විවාහ මංගල උත්සවය ගත්තා..ඒ වගේම එයා කැමති විදිහටයි අවමංගල්‍ය කටයුතු කළේ .. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඇය අසනීප වුණේ මට ඇසිරූ කාලයකදී කියන එක.. මට මගේ සුරංගනාවී නැතුව පාලුයි.."

එසේ අවසන් ගමන් ගිය පුංචි සමනළියගේ අවමඟුල් උත්සවයත් විවාහ උත්සවය වගේම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.

Eileidh ගේ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා සහභාගී වූ 200 කගෙන් පමණ සමන්විත වූ පිරිසක් තේමාවකට අනුවයි සිය ඇඳුම් භාවිතා කර තිබුණේ.

ඔවුන් ඩිස්නිලන්තයේ ජනප්‍රිය චරිත ලෙසින් හැඩ ගැන්වී Eileidh ගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරය දැකගන්නට ලැබුණා.

children's entertainment ආයතනයේ අධ්‍යක්ෂක (Zara Grant) විසිනුයි Eileidh අවමංගල්‍ය උත්සවය සංවිධානය කර තිබුණේ.


 
 
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top