Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 28
2,201
Views
"කැමති අය මම ඉල්ලන ගාණ මට දීලා මාව ගනියි.."

"මට පිරිමි ළමයෙකුත් නැහැ, දරුවකුත් නැහැ..."

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන චරිතයක්. බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්න සමත් වුනු යුරේනි නිරන්තරයෙන්ම චරිත හරහා පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට රගන එම නිර්මාණවලින් ඇය ජනප්‍රිය වෙනවා. මේ ඇය ගැනයි

යුරේනි ජීවිතේ අලූත් විස්තර මොනවාද?
ඇත්තටම හොඳයි. පසුගිය දිනවල කාර්ය බහුල වෙලා හිටියා.

මොකක් හින්ද ද කාර්ය බහුල වුණේ?
2018 රියැලිටි වැඩසටහන් කළා. ඒ වගේම විවිධ ඉසව් වෙළෙඳ වැඩසටහන් ආදී දේ එක්ක කාර්ය බහුල වුණා. ඉතින් ඇත්තටම ඒ කාර්ය බහුලත්වය එක්ක මේ අවුරුද්ද හොඳටම සුබ අවුරුද්දක් වුණා.
 
අලුත් නිර්මාණවල රඟපෑවේ නැද්ද?
ටෙලිනාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් බාර ගත්තේ නැහැ.
 
හේතුව?
සමහර ඒවයෙ පිටපත හොඳ වුණාට මූල්‍යමය ප්‍රශ්න තිබුණා. ඒත් නැත්නම් සමහර ඒවායේ පිටපතට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේ දේ නිසා ඒවා මඟ හැරුණා.
 
යුරේනි රංගනයේදී හරි ගණං වගේ?
කාලයක් තිස්සේ අපි ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඉතින් දක්ෂතාවය ගැන මට ප්‍රශ්නයක් නැහැ. මම හිතන විදියට දක්ෂතාවයට වටිනාකමක් ලබා දීම හොඳ දෙයක්. ඒකට සාධාරණ තක්සේරුවක් කරලා තියෙනවා. ඉතින් කැමති අය ඒ තක්සේරුවට අනුව මගේ දායකත්වය ලබා ගනිවී.
 
ඇතුළාන්තය ගැන කතා කළොත්, ඇතුළාන්තයෙන් යුරේනි මොන වගේ කෙනෙක්ද?
හරිම සරල චරිතයක්. කිසිම මනුස්සයකුට බරක් නොවී, කරදරයක් නොවී, සුන්දරම සරලව ගෙවන්න තමයි කැමති.
 
ඒ වුණාට යුරේනි කියන්නේ කාර් පිස්සියක් කියලයි යාළුවෝ කියන්නෙ?
ඔව් ඒක ඇත්ත. රේසිං වගේ ස්පෝර්ට්ස් කාර්වලට තමයි ආස.
 
කාර් එකේ කූඹියෙක් වත් එනවට කැමතිත් නැහැල්ලූ නේද?
මට පිරිමි ළමයෙකුත් නැහැ, දරුවකුත් නැහැ. ඒ නිසා පිරිමි ළමයයි දරුවයි දෙන්නම තමයි මගේ කාර් එක.
 
පිරිමි ළමයෙක් කසාද බැන්දා නම් ඔය ඔක්කෝම සම්පූර්ණයිනෙ? ඇයි නැත්තේ? මේ දක්ෂ කෙල්ලට කොල්ලෙක් නැත්තේ ඇයි?
ඒකට හිත යන්නත් එපායැ. මාළිගාව හැදෙන්න හිත ගිය තැනනෙ. මොන හේතුවක් ද මන්ද මට තවම එහෙම හිත ගිහින් නැහැ. මෙච්චර කාලෙකට එහෙම වෙලා නැහැ.
 
ඔහොම ගිහින් යුරේනි වයසට ගියොත් ?
ගියදෙන්. විවාහය කියන්නෙ, එක අතකට කොල කෑල්ලකට අස්සන් කරලා වෙන දෙයක්නෙ. හරි කෙනෙක් හමු වුණාම ඒ අස්සන කරන්න පුළුවන් වේවි.
 
කොහොම වුණත් ලහි ලහියේ මුහුණේ වෙනසක් කර ගත්තේ, ජීවිතයේ වෙනසක් බලාපොරොත්තුව නේද? මොකක්ද මේ අලූත් වෙනස? ඒ නිසා හරිම සතුටින් ලූ ඉන්නෙත්?
ඇතුළාන්තයෙන්ම මම සතුටින් සිටින කෙනෙක්. සියයට දාහක් මේ ගෙවූ ජීවිතය මම තෘප්තිමත්. මගේ නළලත පෙනුම ඉතා ලොකුයි. කොණ්ඩා විලාසිතාව නළල උඩ හරි පළල්. ඒක වෙලාවකට මට ගෙන දුන්නෙ වදයක්. මම චරිත රංගනයකට ගියාම කොණ්ඩය සහ නළල ගැන හිතුවා. චරිතයට වඩා ඒක මට හරි වදයක් ගෙන දුන්නේ.  . ඉතින් ඇත්තටම දැන් මම හරි සතුටින්. දැන් තමයි මට මුහුණ හරියට පෙනෙන්නේ.
 
විවේචන විචාර සියල්ල අතරේ යුරේනි කොතැන ද ඉන්නේ?
මාර තැනක ඉන්නේ කිව්වොත් හරි. ඒ විවේචන තමයි මාව ඒ තරමට ශක්තිමත් වුණේ. නිවීසැනසිල්ලේ මගේ වැඩ ටික කරගෙන ඉතා සතුටින් ජීවත් වෙනවා. මොනවා වුණත් මේ රටට මම හරි ආදරෙයි.
 
ඇත්තටම කියන්න, ඉදිරියේදී මොනවද වෙන්නේ?
වෙලාවට වෙන දේ වේවි. ඒ කිසි දෙයක් මාධ්‍යයට වසන් කරන්න බැහැනෙ. අපි බලමු.
 
සඳුන් ගමගේ

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top