Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 27
2,204
Views
"වැඩකරන වෙලාවෙත් බයික් එකේ එහේ මෙහේ ගිහින්.."
 
"බලෙන් බයික් එකේ සිට් එක ගලවද්දී ෆෝන් දෙකක් තිබ්බා.."
මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ වනවිට කරුණු සැලවී ඇත. මුල් වාර්තාවල දැක්වුනේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ පවුලේ අය හා අසල්වැසියන් කී කරුණු වුවත් ඝාතනය සිදු කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයා සිදු කළ පාපොච්චාරණය අනුව එය වෙනස් මුහුණවරක් ගෙන තිබේ.
 
ඔහු පවසන ආකාරයට මෙම 22 හැවිරිදි තරුණිය අවිවාහක අයෙකු නොව විවාහක අයෙකි. ඝාතනය සිදු කළ තරුණයා ඇගේ අනියම් සැමියා ලෙස පසුගිය කාලයේ හැසිරී ඇත.මෙම කාන්තාව විවාහක පුරුෂයාගෙන් වෙන් වීම සඳහා උසාවියේ නඩුවක් ගොනු කර ඇති අයකු වන අතර දැනට වසරක පමණ කාලයක සිට මේ කියන තරුණයා සමග ඇය අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.

ඔහු ඇයව විවාහ කරගන්නට අපේක්ෂාවෙන් පසුවී තිබෙන බවද කියැවේ. මෙම කාන්තාව සේවය කර ඇත්තේ මෙම තරුණයාගේ නැගණියට අයත් රූපලාවන්‍යාගාරයක සේවිකාවක ලෙසිනි. පෙර වාර්තා වල දැක්වුනේ එය ඇයට අයත් එකක් ලෙස වුවත් එයද වැරදිය. එම සේවා ස්ථානයට පැමිණි අවස්ථාවක මෙම දෙදෙනා අතර අනියම් පෙම් සබඳතාවය ගොඩනැගුණ බවත් ඔහු සමග විටින් විට බාහිර ස්තානවල මුණගැසීම් කෙරුණ බවත් ඔහු පවසා ඇත.පසුව ඇය විවාහයෙන් ඉවත්වී මොහු සමග දීගයක එන්නට සූදානම් වූ බවත් තරුණයා දන්වා ඇත.

කෙසේ වෙතත් ඇය තවත් අය සමග සබඳතම් ඇති බවට  විවිධ ආරංචි ඔහුට ලැබුණ බවත් ඇයට යතුරු පැදියක් තිබුණ බවත් සේවා කාලය තුළදීත් එයින් රවුම් ගැසීම පුරුද්දක් කරගෙන තිබූ බවත් ඔහු පවසා ඇති අතර පසුගිය දිනවල ඇය වෙනත් තරුණයකු සමග සම්බන්ධයක් පවත්වන බවට ඉව වැටුණ බවත් ඒ සම්බන්ධ දුරකථන ඇමතුම් ගැන සාක්ෂි ලැබුණ බවත් ඔහු පවසා ඇත. එම ඇමතුම් ලබාගෙන තිබුනේ ඇයට අයත් දුරකථනයෙන් නොවීමද තරුණයාට ගැටලු මතුකර ඇති අතර ඒ ගැන විමසීමේදී ඇය දිගටම ඒ කරුණු ප්‍රතික්ෂේප කළ බවද පැවසිණි.

කොළඹ ප්‍රදේශයේ රැකියාව කර නිවාඩු ලබා පැමිණි අවස්ථාවේ තමා පෙම්වතියට අඩගසා ඇයට අයත් යතුරු පැදියේ නැගී සුමේධ වැව අසල කතා කරන්නට ගිය බවත් එම අවස්ථාවේ දුරකථන ඇමතුම් කතා සියල්ල බොරු බවත් තමාට වෙනත් දුරකථන නැති බවත් ඇය එකහෙළා ප්‍රකාශ කර තිබේ.

එම අවස්තාවේ සැකයක් ඇතිවී ඔහු ඇගේ යතුරු පැදිය පරීක්ෂා කර තිබෙන අතර එහි සීට් කවරය ගැලවීමට ගිය අවස්ථාවේ කාන්තාව එයට තදින් විරුද්ධවී ඇත.පසුව ඔහු බලහත්කාරයන් සිට් කවරය ගැලවූ විට එහි තවත් ජංගම දුරකථන දෙකක් තිබූ බව සොයාගෙන ඇත.එම දුරකථන පරීක්ෂාවේදී  ඇය ඔහුට රහසේ සිදු කරන සබඳතා ගැන අනාවරණය වූ බව තරුණයා පොලිසියට පවසා ඇත.ඒ පිළිබදව ඇති වූ බහින්බස්වීම දුර දිග ගොස් ඇගේ ගෙල සිර කළ බවත් සැකකරු පොලිසියට පාපෝච්චාරණය කර ඇත. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top