Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 21
668
Views
මිරිස් කුඩු පැකට්ටුවක් හා තියුණු පිහි කොපුව සාක්කුවේ 
 
පෙම්වතියගේ පියා සැක පිට අත්අඩංගුවට
 
 
තමන් විවාහක දෙදරු පියෙකු බව නොකියා වසර දෙකහමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි හමුදා සෙබළකු ඊයේ අලුයම පෙම්වතියගේ නිවසේ සිදු වූ ආරවුලකින් පසු ගෙල කැපී සිදු වූ බරපතල තුවාල නිසා මරණයට පත්ව ඇතැයි කොටදෙණියාව පොලීසිය පවසනවා. 
 
මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ ලංසියාවත්ත පාරේ පදිංචිව සිටි යුද හමුදාවේ හතරවැනි ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ බටලන්ද කඳවුරේ සෙබළෙකු බව කියන බි.වී. නිසල් නිරෝෂන් නැමැති පුද්ගලයෙක්.

අනියම් සම්බන්ධතාවය දැනගත් පෙම්වතිය ඔහුගෙන් වෙන් වී ඇත්තේ විවාහක බව දැනගත් පසුවයි. පෙම්වතිය වෙන් වීමෙන් පසු නිතර ඇගේ නිවසට එමින් තමන් අමතක නොකරන ලෙස ඉල්ලා කරදර කරන්නට වී ඇතැයි ද ඒ ගැන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු එසේ නොකරන ලෙස අවවාද කර ඇති බවද පොලිසීය සඳහන් කළා. 
 
තමන් පෙම්වතියගේ දුරකථනයට දැමූ පෙරගෙවුම් කාඩ්පත් සඳහා රුපියල් හැටදහසක මුදලක් ආපසු දෙන ලෙස ද පෙම්වතා ඉල්ලා තිබෙනවා. 
 
එසේ තිබියදී ඊයේ අලුයම 12.00ත් 1.00ත් අතර කාලයේදී තරුණියට කිසියම් ශබ්දයක් ඇසී පියාට දන්වා බලන අවස්ථාවේදී වහලයේ උළු කැට කිහිපයක් ඉවත් කර තිබී ඇති අතර ඒ ගැන විමසිලිමත් වීමේදී නිවස පිටුපස තියුණු පිහියක් අතැතිව සිටි මිය ගිය අය නිවැසියන් සමඟ අරවුලකට පෙරළි ඇතැයි මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා. 
 
ඒ අවස්ථාවේදී මිය ගිය අය අත තිබූ පිහි පහර වැදීමෙන් තරුණියගේ දෑත් හා පියාගේ එක් අතකට තුවාල වී ඇතැයිද සඳහන්. 
 
තුවාල වී සිටි හමුදා සෙබළා අකරගම රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විට ඔහු මියගොස් තිබෙනවා. 
 
ග්‍රෑම් පනහක මිරිස් කුඩු පැකට්ටුවක් හා රැගෙන ආ බව කියන තියුණු පිහිය දැමිය හැකි කොපුවක්ද මිය ගිය අයගේ සාක්කුවේ තිබී සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. 
 
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ පියා වන හැටහය හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
මිය ගිය අය පෙම්වතියගේ නිවසට මහ රෑ කඩා වැදුණේ කිසියම් අපරාධයක් කර පලා යන්නදැයි සැක කරන අතර ඔහු තමන් විසින් ගෙළ කපා ගත්තාද නැතහොත් ආරවුල් අවස්ථාවේදී කිසිවෙකුගේ ප්‍රහාරයකට ගොදුරු වුවා දැයි අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලීසිය සඳහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top