Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 19
783
Views
තවත් තරඟකරුවෙකු සහ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුත් රෝහලේ....

මැකාවූ ගොන් ප්‍රී මෝටර් රථ ධාවන පථයේදී සිදුවූ දරුණු අනතුරකින් ෆෝමියුලා 3 ධාවන ශූරියක් වන 17 හැවිරිදි සුරූපී සොෆියා ෆ්ලොරස්ච් (Sophia Floersch) රෝහල් ගත කර තිබෙනවා.

අදාළ අනතුර සමාජ මාධ්‍ය තුළ පළවීමත් සමග බෝහෝ දෙනා මේ පිළිබඳව කතාබහට ලක්කළා. 

අදාළ වීඩියෝවෙන් පෙනී යන්නේ ඇගේ ෆෝමියුලා රථය (25) වානී ඇමර්ස්ෆෝට් නමැති ධාවකයාගේ රථයට (31) වැදී බාධකයකට ඉහළින් විසිවී ඡායාරූප ශිල්පීන් සිටි කුටියක ගැටෙන අයුරුයි.

වංගුවකදි ඇයට එම රථය පාළනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

'හැමෝගේම දැනගැනීමට මට අනතුරක් නැහැ මට හොඳයි නමුත්, හෙට උදෑසන ශල්යකර්මයකට යනවා' කියා ෆ්ලොරස්ච් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් ජපන් රියදුරෙකු වන ෂෝ සුබෝයි සහ මාර්ශල් නමැත්තෙක් සහ ඡායරූප ශිල්පීන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව තරඟ සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top