Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 19
1,987
Views
දශක ගණනාවක් පුරාවට තමන්ගේ ජනප්‍රියත්වය එක විදියටම පවත්වාගෙන ආ ගායකයෙක් තමයි නුවන් ගුණවර්ධන කියන්නේ. ඔහුගේ පුතා ගයාන් ගුණවර්ධනත් අද වන විට තාත්තාගේ අඩි පාරේ යමින් සංගීතයට අවතීර්ණ වෙලා. 
ප්‍රසංග වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය පසුබිම් ගායනය තුළත් ගයාන් මේ වන විට ජනප්‍රිය යොවුන් ගායකයෙක්. මේ තාත්තයි පුතයි එකතු වෙලා දැන් තවත් වැඩකට සූදානම් වෙනවා. ඒ ගැන දැනගන්න අපි ගයාන්ට කතා කළා. ඒ කතා බහ අතරේ ගයාන්ගේ අලුත්ම තොරතුරු රැසක්ම ඔහු අපිට හෙළි කළා.

තාත්තයි - පුතයි දෙන්නා අලුත් වැඩකට සූදානම් වෙනවාලු නේද?

ඔව්. ඒ අලුත් වැඩේ තමයි “තාත්තයි - පුතයි“

ඒ ගැන වැඩිදුර තොරතුරු කතා කළොත්?

මමයි තාත්තයි (නුවන් ගුණවර්ධන) එකතු වෙලා ප්‍රසංගයක් කරන්න යනවා. එය නම් කරලා තියෙන්නේ “තාත්තයි පුතයි“ නමින්. දෙසැම්බර් මාසේ 9 වැනිදා හවස 6.30ට තමයි “තාත්තයි පුතයි“ප්‍රසංගය පැවැත්වෙන්නේ, ගීත 25ක් විතර ප්‍රසංගයට ඇතුළත්. තාත්තයි මමයි අපේ ගීත ගයනවා. හින්දි ගීත වගේම ජෝතිපාල මහත්තයගේ ගීතත් අපි දෙන්නා ගායනා කරනවා. ඊට අමතර අපි දෙන්නම එකම ගීතය යුග ගීත විදියට ගයනවා. තාත්තගේ ගීත මම ගයනවා. මගෙ ගීතත් තාත්තා ගයනවා.

ඔබ දෙදෙනා හැරුණාම යුග ගායනය සඳහා වෙනත් ගායක ගායිකාවන් එකතු වෙන්නේ නැද්ද?

අමිලා නදීෂානි, උරේෂා රවිහාරි, චමිලා තුෂාරි හා කාවින්ද්‍යා අධිකාරී යුග ගායනයෙන් එකතු වෙනවා.

කාවින්ද්‍යා අධිකාරී සමග ජීවන යුග ගීය ගයන්න ගයාන් සූදානම් වෙලා සිටි බව අපි හැමෝම දන්නවා?

අපි ඒ ගැන කතා නොකර ඉඳිමු. සම්බන්ධතා ඇති වෙනවා. නැති වෙනවා. ඒත් මිතු දම කියන්නේ ‍ලේසියෙන් බිඳලා යන සම්බන්ධයක් ‍නෙවෙයි. අද වන විට කාවින්ද්‍යා මගේ හොඳම යෙහෙළියක් විතරයි.

සින්දු කියන්න ආපු ගයාන් දැන් නළුවෙකුත් වෙලා නේද?

සිරස ටී.වී. තුළින් සතියේ දිනවල හවස 6.30ට විකාශය වන “හිතුවක්කාරයා” ටෙලි  නාට්‍යයේ “බිඟුන්” කියන චරිතය තමයි මම රඟපාන්නේ. බිඟුන් කියන්නේ අසම්මත ප්‍රේමයක පැටළුණු තරුණයෙක්. තමන්ට වඩා වයසින් වැඩිමල් තරුණියකටයි ඔහු පෙම් කරන්නේ. ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතිය විදියට රඟපාන්නේ චතුරිකා අක්කා (චතුරිකා පීරිස්)

ගයාන් කැමති නැද්ද සැබෑ ජීවිතේ පෙම්වතිය ගැන කතා කරන්න?

දැනට එහෙම කෙනෙක් නැහැ.


ආරියවංශ කුලතිලක
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top