Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 17
1,427
Views
"අපි දෙන්නම එකට වොෂ් දාමු. ඔයා ඒකට කැමතියිනේ..‘‘ 
 
‘‘නිරා ඔයා ඉස්සරහ දොර ලොක් කළාද..අනේ ටෙහා..අමතක වුණා"
 
 
‘‘මට හිතෙනවා මම ඉක්මන් වුණා වැඩිද කියලා..‘‘ ඔහු කතාව පටන් ගන්නේ එහෙම. 
 
‘‘මට මේ විදිහට ජිවත් වෙන්න බෑ අනේ. ඒ ගෑනිට ඕන දෙයක් කරගන්න ඇරලා මම මට ඕන විදිහට ජිවිතේ හරි ගස්ස ගත්තා නම් අද මම කොච්චර නිදහසෙන් සතුටින් ජිවත් වෙනවද?‘‘

ඔහුගේ නම මංජු. මංජු තමන් කළ අපරාධය පාපොච්චාරණය කරන්න පටන් ගත්තේ එහෙමයි. 
 
‘‘මම හොඳට සල්ලි තියෙන පවුලක කොල්ලෙක්. මගේ තාත්තා මේ රටේ ඉන්න ඉහළ පැලැන්තියේ බිස්නස්කාරයෙක්...‘‘ 
 
මංජුට නිරාශා මුණ ගැහෙනකොට ඔහු දහය වසරේ. නිරාශා පදිංචි වෙලා හිටියේ එංගලන්තයේ. 
 
ඇය එහේ ජිවත් වුණේ තමන්ගේ මවත් එක්ක. එංගලන්තයේ ස්ථිර පදිංචිකාරියක් වුණත් මවගේ අභාවයෙන් පස්සේ නිරාශා ආපහු ලංකාවට ඇවිත් තිබුණා. 
 
නිරාශාගේ පියා ඇයගේ රැකවරණය බලාපොරොත්තු වුණේ තමන්ගේ නැගණියගේ එනම් නිරාශාගේ නැන්දගෙන්. 
 
මවක් නැති නිරාශාව රැක බලාගන්න එක ගැන ඇය දෙපාරක් හිතුවේ නැහැ. 
 
‘‘මම එයා එක්ක යාලුවෙද්දි මට අවුරුදු දාහතයි. එයාට දාසයයි. අපි දෙන්නට පුදුම නිදහසක් තිබුණා. ඒත්... අපි ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ. අන්තිමේදී යාලුවෙලා අවුරුදු හයකින් අපි දෙන්නට කසාඳ බඳින්නත් පුළුවන් වුණා...‘‘ 
 
‘‘අපේ වෙඩින් එකට එයාගේ පැත්තෙනුයි අපේ පැත්තෙනුයි හොඳට සල්ලි වියදම් කළා. වෙඩින් එක ගත්තේ ලොකු හොටෙල් එකක. අපි හනිමූන් ගියේ සිංගප්පූරුවේ. සතියක් විතර ඉඳලා ඇවිත් හෝම් කමීන් එක ගත්තේ ලොකු ගාඩ්න් එකක. එයාගේ තාත්තා අපිට පදිංචි වෙන්න බම්බලපිටිය පැත්තේ එපාර්මන්ට් එකක් අරන් දුන්නා. කාමර තුනක් තිබුණා ඒ ගෙදර. මාර ලස්සනයි. අපේ බෙඩ් රූම් එකේ ලොකු ජනේලයෙන් කෙළින්ම පේන්නේ මුහුද. අපි පුදුම සතුටකින් ආදරයකින් ජිවත් වුණේ....‘‘ 
 
‘‘නිරාශා හරිම කෙළිලොල් කෙල්ලෙක්. එයා ජිවිතේ කිසිම වගකීමක් ගන්න කැමති වුණේ නැහැ. අඩුම තරමේ දරුවෙක් හදාගන්නවත් එයාට උවමනාවක් තිබුණේ නැහැ. ඉවුම් පිහුම් කළෙත් ඉඳලා හිටලා. අපි කෑම ගත්තෙත් වැඩිපුරම හෝටල්වලින්...‘‘ 
 
‘‘මට දරුවෙකුගේ උවමනාව තදින්ම තිබුණා. පස්සේ එයා ටිකෙන් ටික ඒකට කැමති වුණා. ඒත් .... එයාගේ බඩට දරුවෙක් ආවෙම නෑ. අවුරුදු දෙකක් විතර බලලා අපි කතා වුණා පිටරටකටවත් ගිහින් ප්‍රතිකාර ලබා ගන්න. අපි දෙන්නම සිංගප්පූරුවල තියෙන ප්‍රසිද්ධ හොස්පිට්ල් එකකට ගිහින් පරීක්ෂණ කරගත්තා. ඒ පරීක්ෂණවලදී හෙළි වුණේ එයාට දරුවෝ හදන්න බෑ කියලා...‘‘ 
 
‘‘ඒක ඇහුවම මට හරි අවුල් ගියා. එයා නම් ගනන් ගත්තෙවත් නෑ. අපි හිස් අතින් ආපහු ලංකාවට ආවා...‘‘ 
 
‘‘දරුවෝ ලැබෙන්නේ නෑ කියන්නේ පවුල් ජිවිතේ කඩාකප්පල් වෙනවා කියන එක නෙවෙයිනේ. අපි දෙන්නා ඉස්සර වගේම ආදරේ හිටියා. ඔය අතරේ තමයි එයාට රස්සාවකට යන්න ඕනි වුණේ...‘‘ 
 
‘‘මංජු දැන් මට ගෙදර ඉඳලා ඇතිවෙලා. අපේ තාත්තිගේ කම්පැනි එකට සෙට් වෙලා බිස්නස් කරන තව කම්පැනි එක් තියනවා. ඒ අංකල් මට හරි ආදරෙයි. මම එයා ළඟ ජොබ් එකකට යන්නද..?‘‘ 
 
‘‘මම එයාට යන්න කිව්වා. මම අපේ තාත්තාගේ බිස්නස් වලට සම්බන්ධ වෙලා හිටියේ. නිරාශා රස්සාවට ගියාට පස්සේ තමයි මේ සේරම වුණේ..‘‘ 
 
මංජු කියන විදිහට නිරාශාට අලුත් පෙම්වතෙක් මුණ ගැහෙන්න රැකියාවට යාමත් එක්කමයි. ඒ පෙම්වතා උස, සුදු කඩවසම් පෙනුමැති බර්ගර් ජාතික තරුණයෙක්. සල්ලිකාර පවුලක කෙනෙක් කියලයි මංජුට ඔහු ගැන දැනගන්න ලැබෙන්නේ. 
 
‘‘රස්සාවට ගිහින් ටික කාලයක් යද්දි මට නිරාශාගේ වෙනසක් පෙණුනා. කොයි වෙලෙත් මොබයිල් එක අතේමයි. දවසක් උදේ ලස්සන කොල්ලෙක් ගෙදරට එක්කන් ඇවිත් මට අඳුන්වලා දුන්නා...‘‘ 
 
‘‘මංජු ! මේ ටෙහාන්, අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ. මම ඔයාට දවසක් කිව්වේ අනේ, ඩාලිං මෙයාගේ මමියි ඩැඩයි මාස හයකට එබ්‍රෝඩ් යනවලු. මෙයාට ගෙදර තනියම ඉන්න බෑ කියලා, මාස හයකට අපේ ගෙදර ඉන්න පුළුවන්ද අහනවා. මම කිව්වා, ඔයාගෙන් අහලා කියන්නම් කියලා...‘‘ 
 
‘‘නිරාශා අර කොල්ලා ඉස්සරහ තියාගෙන මගෙන් එහෙම ඇහුවම මට බෑ කියන්න බෑනේ, ඒ නිසා මම කිව්වා, අපොයි, ඕක මොකද්ද අර හිස් කාමර දෙකක්ම තියෙන්නේ කියලා. පස්සේ මිනිහා ඇඳුම් බෑග් එකකුත් අරන් ඇවිත් පහුවදාම අපේ ගෙදර නතර වුණා...‘‘ 
 
‘‘ඊට පස්සේ වැඩ ඇරිලා නිරාශා එන්නේ ටෙහාන් එක්කමයි. සමහර දවස්වලට එකට රෑ කෑමත් අරගෙන එනවා. මට මේ දෙන්නා ගැනම සැකයක් ආවේ ඔය අතරෙදී. ටීවි බලන වෙලාවටත් මට හොරෙන් ඒ දෙන්නාගේ අතරේ මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසයි මම තීරණය කළේ එයාලා දෙන්නගේ මූමන්ට් එක කොහොමද කියලා බලාගන්න...‘‘ 
 
‘‘දැන් දැන් නිරාශාත් රස කෑම හදන්න පටන් අරන්. එයා ඉන්ටනෙට් බලාගෙන කෑම ජාති හදනවා. හැබැයි මගෙන් අහන් නෑ ආස ඒවා මොනාද නැත්තේ මොනාද කියලවත්. ඔය විදිහට මාස දෙක තුනක් ගතවුණා. මම කල් මැරුවේ කොහොමහරි මේ හොරේ අතටම අල්ලගන්න. නිරාශාට හැමතිස්සෙම හැමදේම අමතක වෙනවා. ගේ අගුළු දාන්න පවා වෙලාවකට අමතකයි. 
 
මම දවසක් එයාට කෝල් කරලා කිව්වා, මම එද්දි රෑ වෙනවා, කාලා නිදාගන්න කියලා. එයා ඒකට උඩින්ම කැමති වුණා...‘‘ 
 
‘‘මම එහෙම කියලා මගේ කාර් එක කම්පැනි එකේ දාලා ට්‍රයිෂො එකකින් ගෙදරට ගිහින් තුන්වැනි කාමරේ හැංඟිලා බලාගෙන හිටියා. ඒ යද්දි පිහියකුත් අරගෙනයි ගියේ. ඒ කාමරේ අපි කවුරුත් පාවිච්චි කරන් නෑ. මොන හේතුවකටවත් නිරාශා ඒ කාමරේට යන්නේ නෑ. මම උදේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම කාමරේට වෙලා හැංඟිලා හිටියේ. ‘‘
 
 ‘‘හවස හය හමාර හත වෙද්දි දෙන්නා ගෙට එනවා මට ඇහෙනවා...‘‘ 
 
‘‘ටෙහාන් ඔයා වොෂ් දාන් නැද්ද..?‘‘ ඒ නිරාශා. 
 
‘‘දානවා, ඔයා දාගෙන එන්න...‘‘ ඒ ටෙහාන්. 
 
‘‘අනේ.. ඩාලිං... අපි දෙන්නම එකට වොෂ් දාමු. ඔයා ඒකට කැමතියිනේ..‘‘ 
 
“ඕහ් රියලි... ඉන්න මම ටවල් එක අරන් එන්නම්...‘‘ 
 
‘‘මේ දෙන්නා කරන්න යන්නේ මොනාද කියලා මට හිතාගන්න බැරිවුණා. ටෙහාන්ගේ කාමරෙත් බාත්රූම් එකක් තියනවා. අපේ එකේ තියනවා. මේ දෙන්නා නාන්න හදන්නේ කුස්සිය පැත්තේ තියෙන වොෂ් රූම් එකෙන් කියලා මට තේරුණා. 
 
‘‘නිරා ඔයා ඉස්සරහ දොර ලොක් කළාද..‘‘
 
‘‘අනේ ටෙහා... අමතක වුණා.. ඔයා ලොක් කරලා දාන්නකෝ...‘‘ 
 
‘‘හරි.. ඔන්න මම ලොක් කළා.. ඉක්මනට එන්න මට හදිස්සියි..‘‘ 
 
‘‘ඇයි නාන්න ඔච්චර හදිස්සි...‘‘ 
 
‘‘නාන්න නෙවෙයි....‘‘ 
 
‘‘ටෙහාන් කියපු කතාවට මගේ ඇගේ මයිල් කෙළින් වුණා. දෙන්නා අමු හෙලුවෙන් බාත්රූම් එකට යන හැටි මම බලාගෙන හිටියා... බාත් රූම් එකට ගියාට දොර වහනවා ඇහුණේ නැහැ... ඊට ටික වෙලාවකට පස්සේ ෂවර් එක ඇරලා වතුර වැටෙන සද්දේ ඇහුණා. නිරාශා කෑ ගගහ හිනාවෙනවා.. මම හෙමීට දොර ඇරගෙන බාත්රූම් එක ළඟට ගියා. ගිහින් දොර ඉස්සරහ හිටගෙන දෙන්නා කරන දේවල් හොරෙන් බලාගෙන හිටියා. මට මං ගැනම ලැජ්ජ හිතුණා. මම එකපාරම නිරාශාට කතා කළා....‘‘ 
 
‘‘ඒ සද්දෙට ෂවර් එක යට තුරුල් වෙලා හිටපු දෙන්නා එකපාරම බැලුවා. දෙන්නටම කර කියාගන්න දෙයක් නෑ...‘‘ 
 
‘‘ටෙහාන් උඹ පලයන් මෙතනින්...‘‘ 
 
‘‘මම එහෙම කියද්දි ටෙහාන් නිරුවතින්ම එළියට බැහැලා කමරේට ගියා. නිරාශා බයවෙලා මගේ දිහා බලාගෙන හිටියා. මම ළඟට ගිහින් නිරාශාගේ බෙල්ලට පිහිය තියලා ඇද්දා. ඊට පස්සේ මම එයාගේ ලිංගික අවයව වලට ඇනගෙන ඇනගෙන ගියා. ඒ අතරේ මට ඇහුණා ඉස්සරහ දොර ඇරෙනවා...‘‘ 
 
‘‘නිරාශාගේ බොඩි එක බාත්රූම් එකේ තියෙද්දි මම සාලෙට ආවා. ටෙහාන් යන්න ගිහින්.... විනාඩි පහොළවකින් විතර මිනිහා ආවේ පොලීසියත් එක්කරගෙන....‘‘ 
 
මංජුගේ කතාව අවසන් වෙන්නේ එතනින්. ඔහු කියන විදිහට, තමන්ට තියෙන එකම පසුතැවීම බිරිඳට කැමති දෙයක් කරගන්න කියලා ඉවත බලාගන්න බැරිවුණානේ කියන එක. 
 
ඒ දේ එහෙම වුණත් අවසානයේ සිරගෙදර නතර වුණු මංජු ජිවිතේට හොඳ පාඩමකුත් එකතු කරගෙන තිබුණා. 
 
‘‘මම එදා නිරාශා මැරුවා. ඇප පිට එළියට ඇවිල්ලත් ගෑනු කීයක් එක්ක මම හිටියද? උන් මගේද? නෑනේ. ඒත්... අවශ්‍ය දේ සිද්ධ වෙනවනේ. යන උන්ට යන්න අරින එකමයි හොඳ...‘‘
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top