Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 17
861
Views
පාසල් ශිෂ්‍යාවක්‌ව සිටි තම නෑණාට සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලී නැන්දාට හොරා ඇයව අපහරණය කළ කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වරද පිළිගැනීම හේතු කොටගෙන ඔහුට වන්දි ගෙවීමකට, දඩයකට සහ සිරදඬුවමකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණය නියෝග කර තිබෙනවා.


විත්තිකරු වූයේ නිවිතිගල පොලිස්‌ වසමේ පදිංචි වේරගමගේ තිලක්‌ කුමාර නමැත්තෙකි. මෙම බාලවයස්‌කාරිය අපහරණය කිරීම සහ කුරුණෑගල ප්‍රදේශයේ දී ඇය දූෂණය කිරීමක් සම්බන්ධයෙන්ද ඔහුට අධි චෝදනා එල්ල වී තිබුණා.නඩුව විභාගයට ගැනීමට පෙර විත්තිකරු චෝදනා 2 ට වරද පිළිගැනීම මත විනිසුරුවරයා සියලුම චෝදනාවලට ඔහු වරදකරු කරන ලදී.

 විත්තිකරු වසර 3 ක පමණ කාලයක්‌ තිස්‌සේ තම නෑණාට ප්‍රේම කළ අතර නැන්දණිය එම සබඳතාවට දැඩි ලෙස විරුද්ධත්වය දැක්‌වූ බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට හෙළිදරව් කළේය. මෙය හේතුවකට ගෙන දැරියගේ මව ඇයට නිතර නිතර බැණ වදින්නට වූ බවත්, එය ඉවසා ගැනීමට බැරිවූ තැන දැරියගේ බලවත් ඉල්ලීම මත විත්තිකරු දැරිය රැගෙන පලාගිය බවත්, ලිංගික සම්බන්ධය ඇතිවූයේ දැරියගේ කැමැත්ත මත බවත් විත්තියේ නීතිඥයා වැඩිදුරටත් කරුණු දක්‌වමින් පැවසුවේය.
 
ඒ අනුව විත්තිකරුට 1 වැනි චෝදනාවට මාස 6 ක බරපතළ වැඩ ඇති සිරදඬුවමක්‌ නියම කර එය වසර 15 කට අත්හිටුවන ලදී, ඊට අමතරව රුපියල් 10,000 ක දඩයක්ද, 2 වැනි ස්‌ත්‍රී දූෂණ චෝදනාවට ඔහු බරපතළ වැඩ සහිත වසර 2 ක සිරදඬුවමකට යටත් කර එම දඬුවම වසර 15 කට අත්හිටුවා ඊට අමතරව රුපියල් 15,000 ක දඩයක්‌ද වින්දිත දැරියට රුපියල් 1,50,000 ක වන්දියක්‌ ගෙවන ලෙසටද අධිකරණයෙන් නියෝග කර තිබෙනවා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top