Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 17
482
Views
සිකුරාදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම ඔවුන් බහුතරය පෙන්වූ ආකාරය ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑ කීව. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අපිට වැඩ ටික කරගෙන යන්න කීව," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීය. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ යයි ඉදිරි දින තුන ඇතුළත පෙන්වන මෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සිය පාක්ෂිකයන්ට උපදෙස් දී තිබේ.

රනිල් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවේ වත්මන් අගමැතිවරයා නොවන බව සඳහන් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා, ඔහු යළි අගමැති පදවියට පත්කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාශය නොවන බවත් කියා සිටියේ මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී "විනයක් ඇතිව,නීති රීතිවලට අනුකූලව සහයෝගයෙන් ක්‍රියාකරන" මෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.

තවමත් රට පාලනය කරන්නේ තමන්ගේ ආණ්ඩුව බවත් ලක්ෂමන් යාපා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top