Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
1,546
Views
මල්වර වූ දියණියන් සොයා මහ රාත්‍රියේ එන යක්ෂණිය බියජනකය. සුන්දර යුවතියන්ගේ නිදන කාමර‍වල නිදි යහන් වෙත එන මල්වර යක්ෂණිය නිසා මල්වර වූ ළමිස්සියෝ බිය වී සිටියාහ. මේ මල්වර යක්ෂණියගේ කතාන්දරයි.  

 


දෙමටගොඩ පදිංචි චතුරිකා පෞද්ගලික ආයතනය පරිපාලන නිලධාරිනියක් වශයෙන් රැකියාවක යෙදෙන්නියකි. අවුරුදු විසිහයක් වයසැති ඇය අවිවාහක තරුණියකි. බොහෝ විවාහ යෝජනා පැමිණිය ද ඇය ඒ කිසිවකට තම කැමැත්ත ප්‍රකාශ නොකළාය. දෙමාපියන් ද බොහෝ ඇවිටිලි කළත් ඇය කිසිවකුටවත් කන් දුන්නේ නැත. සහෝදරයන් දෙදෙනා ද විවාහ වී ඔවුන්ට දරුවන් ද සිටී. චතුරිකාගේ වයස ගෙවීයාම ගැන ඇය තැකුවේ නැත. ඉතා නිහඬ චරිතයක් වූ ඇය කිසිවකුත් සමඟ බොහෝ ඇඟෑලුම්කම් පෑවේ ද නැත. ආයතනයේ ද නිහඬ චරිතයක් වූ චතුරිකා ඉතා නිහතමානී තරුණියක ලෙස හැඳින්වුවත් ඇය ආඩම්බරකාරියක ලෙස කවුරුත් ඇයව හැඳින්වූයේ නැත්තේ ඕනෑම අයෙකුට ඇය සිනහවකින් සංග්‍රහ කරන නිසාය.   


“දුවේ ඔයාට දැන් විසි හතයි. තවත් වයස යනකම් හිටියොත් කොහොමද... අපි හොඳ තැනකින් කටයුත්තක් බලමු දරුවෝ” චතුරිකාගේ අම්මා චතුරිකා රාජකාරි නිමවී ගෙට පැමිණ තම කාමරයේ ඇඳුම් මාරු කරද්දී පැමිණ ඇයගේ ඇඳ මතින් වාඩි වී පැවසුවේ තවත් ඇය අවිවාහකව සිටිනවා බලාසිටිය නොහැකි නිසාය. සාරිය ලිහා සැහැල්ලු ඇඳුමකින් සැරසුණු චතුරිකා මව අසලින් වාඩිවූවා. “අනේ අම්මේ ඇයි මට සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැත්තේ. මම සතුටින් ඉන්නේ. මට මැරි කරන්න බෑ අම්මේ. ඒ ගැන අපි කතා නොකර ඉමුකො” චතුරිකා මවට පැවසුවේ මවගේ උකුළට හිස තබාගෙනය. දියණිය තවමත් ඇයට හුරතල් වේ. එහෙත් ඇය දැන් වැඩිහිටියෙකි. ඇයට ජීවිතයක් තිබිය යුතුය. ඇයව කෙසේ හෝ මෙයට කැමැති කරවා ගත යුතුය. මව චතුරිකාගේ හිස අතගාමින් සිතුවාය.  


රාත්‍රියේ නිවසට පැමිණි චතුරිකාගේ පියා චතුරිකාට කතා කළාය. “පුතේ පොඩ්ඩක් මෙහාට ආවානම්” චතුරිකා පැමිණ පියා අසලින් වාඩිගත්තාය. “ඇයි තාත්තා” චතුරිකා ඇසුවේ පොඩි දැරියක සේය. “පුතේ අපි හැමදාමත් ජීවත් වෙන්නෙ නැහැනේ. කොයි වෙලේ හරි අම්මයි මමයි මැරිලා යයි. අයියලාත් එයාලගේ ජීවිතේ හදාගෙන ඉවරයි. මගේ පුතා විතරයි තනිකඩව ඉන්නේ. ඔයා ඔහොම ඉන්න එක අපිට බරක්. ඔයාව බරක් කියලා නෙමෙයි කියන්නෙ. ඒත් දුවෙක් අවිවාහකව ඉන්න එක දෙමාපියන්ට බරක් පුතේ. ඔයාට හැම සැප සම්පතක්ම තියෙනවා. අපි හොඳ තැනකින් කටයුත්තක් කරගමු පුතේ. ඔයාට කවුරු හරි ඉන්නවනම් අපිට කියන්න. අපි හොයලා බලන්නම්” චතුරිකාගේ පියා චතුරිකාට ආදරයෙන් පැහැදිලි කරදුන්නේය.   


“අනේ තාත්තේ මට එහෙම කෙනෙක් නැහැ. ඒත්... අනේ මං දන්නේ නැහැ තාත්තේ..” කියා චතුරිකා කාමරය වෙත දිව ගියාය.   


දියණියගේ අමුතු හැසිරීම නිසා පියාට කුතුහලයක් ඇති විය. “නෝනෙ පොඩ්ඩක් බැලුවනම් කෙල්ල ඇයි ඔහොම ඉන්නෙ කියලා. කියාගන්න බැරි දෙයක්වත් හිතේ තියෙනවද දන්නෙ නැහැනෙ. ඔයා පොඩ්ඩක් කෙල්ලට ආදරෙන් කතා කරලා බලන්න නෝනෙ” චතුරිකාගේ පියා තම බිරිඳට පැවසුවේ දියණිය එක්වරම කාමරයට දුවගෙන ගිය ආකාරය ගැන සිතාගත නොහැකි නිසාය.   


දියණියගේ සිතේ විවාහයට බලපාන කුමක් හෝ ඇත. එය කෙසේ හෝ දැනගත යුතුය.   


උසස් රැකියාවක නියුතු චතුරිකාට විවාහයට අකමැති වීමට හේතුවක් නොමැත. ඇය රූමත්ය. නිහතමානී ගතිගුණවලින් හෙබි තරුණියකි. ඇය විවාහ කරගැනීමට පැමිණි තරුණයින් ඇයට කැමති වුවද ඇය අකමැති වූයේ “මට බෑ දැන්මම මැරි කරන්න” කියා ඔවුන් මගහැරීමෙනි. එහෙත් මෙවර ඇයට තම මවට ඇත්ත හෙළි කිරීමට සිදුවූවා.   
“අනේ අම්මේ මං කොහොමද මැරි කරන්නේ... මට රෑට හීනෙන් මූත්‍රා පිටවෙනවා. ඉතිං මං කොහොමද කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්නේ. මට ලජ්ජාවට පත්වෙන්න වෙයිනේ. අම්මාවත් මාව තේරුම් ගන්න අම්මේ. මට මේක කාටවත් කියන්න බෑනේ අම්මේ” චතුරිකා අඬමින් මවට සියල්ල පැහැදිලි කළාය.   


තම දියණිය මල්වර වූවාට පසු නින්දෙන් මූත්‍රා පිටවෙන බව ඇය දැන සිටියත් මෙපමණ කලක් තිස්සේ ඇය එයින් පීඩා විඳි බව මව දැන නොසිටියාය. මල්වර වීමේදී ඇය තනිවී ඇති නිසා තනිකම් දෝෂයක් හේතුවෙන් මෙය සිදු​ෙවන බව චතුරිකාගේ අත්තම්මා පැවසුවාය. ඇය තනිවම නිදාගෙන සිටිද්දී නින්දේදී මල්වර වීම නිසා තනිකම් දෝෂය බලපා ඇති බව ඇයගේ විශ්වාසය විය. චතුරිකා මල්වර වනවිට ඇයගේ වයස අවුරුදු දහහතරකි. එවක් පටන්ම චතුරිකාට රෑ නින්දෙන් මූත්‍රා පිටවීම තවමත් සිදුවේ. එහෙත් ඇය එය කිසිවකුටවත් පැවසුවේ නැත. මව සිතා සිටියේ එම ගැටලුව විසඳී ඇතැයි කියාය. එහෙත් දියණිය එයින් පීඩා විඳින බව මතක් වනවිට ඇය බොහෝ කනස්සල්ලට පත්වූවාය. මෙයට කෙසේ හෝ විසඳුමක් සොයාගත යුතුයි යන්න ඇය සිතුවාය.   


සත්තකින්ම දැරියක් වැඩිවියට පත්වීම ඈත අතීතයේදී සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඬ, රබන් හඬ නොඅඩුව ඇසුණු බවත් එය තවත් එක් මගුලක් වූ බවටත් සමාජ විද්‍යාත්මකව දැක්විය හැකිය.  


පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලුත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට ය. තරුණියකගේ දෙවැනි ඉපදීම කියාද ගැමියන් අදටත් මෙම කටයුත්ත සලකන බව පැවසේ.  


මෙම මල්වර උත්සවය එදා වගේම අදට ද පවත්වන්නේ තම දියණියට ද විශේෂත්වයක් එක් කරමිනි. මල්වර චාරිත්‍ර යනු කුමක්ද. මල්වර චාරිත්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද. යනාදී ගැටලු කිහිපයක් මෙහිදී සමහරු අදටද විස්වාස කරති. මල්වර චාරිත්‍ර නියමාකාරයෙන් ඉටු නොවීමෙන් ඇයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ඇතිවන්නේය යන්න දෙමාපියන් අදටද විස්වාස කරති.   


දැරියක් වැඩිවියට පත්වීම යනුවෙන් අදහස් කරන්නේ මූලික වශයෙන් ශරීරයේ වෙනස්කම් කිහිපයක්ම ඇතිවීමයි. ප්‍රථම මාසික ඔසප් වීම, කෙස්, පියයුරු ආදිය වර්ධනය වී මුහුණට නව එළියක් එකතු වේ. එදා අපේ සමාජයේ වැඩිහිටියන් කල වයස පැමිණියාට පසු දියණියන්ගේ මල්වර දිනයට කල්තියාම සූදානම් විය. අදනම් එය එසේ නොවේ. අඩු වයසින් මල්වර වීම හා වැඩිවයසින් මල්වර වීම වාසනාව හා අවාසනාව යන කරුණ මත පදනම් වූ බව ද වැඩිහිටියෝ අදට ද විස්වාස කරති.  


සාමාන්‍යයෙන් දැරියක් මල්වර වූ පසු ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර රැසකි. මුලින්ම මල්වර වූ දියණිය ආරක්‍ෂිත කුටියක හෝ කාමරයක රැඳවීම සිදු කරයි. එහිදී කිසිම විටෙක දැරිය තනි කරන්නේ නැත. වැඩිහිටියෙක් හෝ හිතවතියක් ඇයගේ තනියට රැඳවීම සිදුකරයි. දැරිය තනිවූ විට අමනුෂ්‍ය, ප්‍රේත හා භූත දෝෂ ඇති විය හැකි යැයි වැඩිහිටියෝ විස්වාස කළහ. ඒ නිසා ඇය අසල යකඩයක් හෝ දෑකැත්තක් හෝ වැනි දෙයක් තබන්නට ද දෙමාපියෝ අමතක නොකළහ.  


මින් අනතුරුව සිදු​ෙවන්නේ, නැකැත්කරුවකු වෙත ගොස් මල්වර නැකැත සාදා ගැනීමයි. නැකැත්කරු මල්වර නැකැත ලෙස සුබ කාලය තීරණය කරයි. එය දැරිය නෑවීම සඳහා සුදුසු වේලාවයි. මීට අමතරව නැකැත්කරු, දැරිය උදෑසන ඇඳගෙන සිටි ඇඳුමේ වර්ණය, ඇයගේ ගතිගුණ, අනාගතයේ විවාහ ජීවිතය සම්බන්ධ කරුණු ද අධ්‍යාපනික තත්ත්වය ද සඳහන් කරන්නට ද අමතක නොකරයි.  


ඉන් පසුව, තෙල් වළං ළිප තැබීම චාරිත්‍රය ඉටු කරන්නේ දැරියගේ කිලි පාකිරීමටය. මෙහිදී පිරිසුදු මැටි බඳුනක් ගෙන දැරිය භාවිත කළ කිලිටි ඇඳුම් පැලඳුම් එම බඳුනේ දමා නෑඹිලියකින් වසයි. මෙහිදී කිලිටි රෙදි බඳුන රෙදි නැන්දා විසින් දියේ පාකරයි. මේ අනුව, ගලායන දියක මෙලෙස කරන්නේ දැරියගේ දෝෂ සහ නිවෙසට ඇතිවිය හැකි දෝෂ මගහරවා ගැනීම සඳහාය. දැරිය නැකැතට නෑවීමේදී පොල් මල් ගෙඩි හොඳින් පීදී ඇත්නම් විවාහය සාර්ථක වේ. ආර්ථික තත්ත්වය එමෙන්ම දරුඵල තිබෙන බව ද මෙයින් පෙන්නුම් කරන්නාහුය.  


දැරිය මල්වර වූ තැන සිට සුබ නැකැතට පිවිසෙන අවස්ථාව දක්වා පිරිමි හෝ පිරිමි ළමුන් දර්ශනය වීම වළකාලයි. මෙහිදී පිරිමි පාර්ශ්වයට අහිතකර බලපෑම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ඇතැම් පාපකාරී ග්‍රහයන්ගේ බලපෑමෙන් හා මල්වර කිල්ලට හසුවීමෙන් පියාට මරණය අත්කර දීම, සහෝදරයන් හදිසි අනතුරුවලට ලක්වීම වැනි ආපදා ඇතිවිය හැකි යැයි ජනතාවගේ මතයයි.  

 

“මේ කෙල්ලට තනිකම් දෝෂයක් තියෙනවා. කළුකුමාර බැල්ම වැටිලා. ලොකු ළමයෙක් වෙද්දී තනිවෙලා. ඒ නිසා විවාහයක් සිද්ධ වෙන්නෙ නෑ කොහොමත්. දෝෂය අයින් කරලා දාන්න වෙයි ඉක්මනින්” කියාගෙන ගියේය. “තව මොනවා හරි දැන ගන්න තියෙනවද..” කපු මහතා ආරූඪයෙන්ම ඇසුවේය. “අනේ ඔව් දෙවියනි දුවට රෑට නින්දෙන් මූත්‍රා යනවා. ඒක නතර කරගන්න ඕනෑ. ඒකයි කෙල්ල බඳින්න බෑ කියන්නේ” චතුරිකාගේ මව කපු මහතාට ආරූඪ වී සිටින කඩවර දෙවියන්ට කීවේය. “පූජාවක් තියලා කළුකුමාර දෝෂය අයින් කරාම ඒක හරියනවා. ඊට පස්සේ විවාහය සිද්ධ වෙයි”


නැකැත්කරු විසින් ලබාදෙන සුබ නැකැත් එයාකාරයෙන්ම ඉටුකළ යුතුව ඇත. නැතිනම් අහිතකර බලපෑම් ඇතිවන බව සඳහන්ය. තනිකම් දෝෂ, හිසේ කැක්කුම්, මාස් ශුද්ධියේ අවහිරතා, ඇඟ උණුකරවා යෑම, කෙට්ටු වීම, අමනුෂ්‍ය බලපෑම්වලට නතුවීම ආදී දෝෂවලට මුහුණ දීමට සිදුවේ. එහිදී දැරිය නෑවීමට පෙර සුදු රෙද්දකින් වැසීමටත් කිරි ගසක් මුලිච්චි කිරීමෙන් අනතුරුව දිය නෑම සිදුකිරීමත් අතිශය වැදගත්ය. දිය නෑමෙන් පසුවද ඇය රැගෙන යා යුත්තේ සුදු රෙදි කැබැල්ලකින් වසාගෙනය. මෙයාකාර චාරිත්‍ර නිවැරැදිව ඉටුනොකිරීමෙන් දැරියට පමණක් නොව මුළු පවුලේ සාමාජිකයන්ට ද හානි පමුණුවීමට ඉඩ ඇත. ඒ අතර ශාරීරික රෝග, ආර්ථික අපහසුතා වැදගත් වේ. මේ කටයුත්ත නිසි පරිදි සිදුකළ යුතු බව වැඩිහිටි කාන්තාවෝ පවසති. ඒවා නිසි පරිදි සිදුවන්නේ දැයි යන්න මහළු කාන්තාවන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ.   


දැරිය නෑවීමෙන් පසු සුදු රෙද්දකින් වසාගෙන සුදුසු වර්ණ ඇඳුමක් අන්දවා නිවසේ උළුවස්ස ළඟට රැගෙන යන්නීය. ඇයට පොල්ගෙඩියක් ප්‍රදර්ශනය කිරීමට සලස්වන්නේ ඉන් අනතුරුවයි. මුහුණ විවෘත නොකරම ඇය විසින් පොල් ගෙඩිය බිඳිය යුතුය. පොල් ගෙඩිය බිදෙන ස්වභාවය අනුව දැරියගේ අනාගත සිදුවීම් ඉදිරිපත් කරයි. පොල් ගෙඩිය දෙකට බෙදී ගියේ නම් දැරිය යහපත් ගතිගුණවලින් යුක්ත හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ජීවිතය සාර්ථකව රැගෙන යන්නේ ය. නමුත් එය නිසි පරිදි සිදුවන්නේ නැතිනම්, විවාහය ප්‍රමාද වීම, විවාහ දෙකක් සිදුවීම, සැමියා අතහැර යෑම, නින්දා අපහාසවලට පත්වීම, අසනීප ආදිය වැඩිවීම, සිහිනයෙන් මුත්‍රා යෑම ආදිය ද සිදුවන බව මතයයි. මෙයට අමතුරව, අසුභ කාරණා රැසක් ද කියවේ. ආර්ථික ගැටලු, අධ්‍යාපනයට බාධා, රැකියා ප්‍රශ්න, අපහාස හා පීඩාකාරී තත්ත්වය පමණක් නොව මෙවැනි අවස්ථාවක් ඇයගේ පියාට අසුභය.  
මෙලෙස චාරිත්‍රානුකූලව මල්වර වූ දැරිය ආරක්‍ෂා කිරීම වැඩිහිටියන්ගේ මූලික කාර්යයක් වේ. දින 14 ගතවන තෙක් බැඳුම්, පුළුටු ආහාර නොදීම, තනි නොකිරීම, ඇගේ ශරීරයේ යකඩ ඇණයක් හෝ යතුරක් රැඳවීම, කඩුල්ලකින් පැනීමට නොදීම, වේගයෙන් දුවන්නට හෝ බයිසිකල් පැදීම වැනි කටයුතුවලට අවස්ථාව නොදීම, දැරියට පිළිවෙළට ඇඳුම් අන්දවා වැඩිහිටිවියට පාතැබීම ගැන අවබෝධයක් ලබාදී ඇයව වඩාත් ආදරයෙන් රැකබලා ගැනීම, දියඇළිවලින් නෑමට අවස්ථාව නොදීම, පන්සලට රැගෙන යෑමෙන් වැළැකීම යම් කාලයක් ගතවන තෙක් සිදු නොකරයි. මෙලෙස සියලු චාරිත්‍ර නියමිත ආකාරයෙන් නියමාකාරයෙන් ඉටු නොකරන්නේ නම් මල්වර වූ දියණියට අනාගතයේ මුහුණ දිය හැකි කරදර බොහෝය. ප්‍රධාන වශයෙන් ඇයගේ විවාහ ජීවිතයට බාධා පැමිණිය හැකිය. විවාහ ප්‍රමාදවීම් ඒ අතර වෙයි. අනෙක් අතට විවාහයක් සිදුකර ගත්ත ද එය සාර්ථකව ගත කිරීමට නොහැකිය.  


මේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මගින් මල්වර වූ දැරියගේ දෝෂ නැතිකිරීමක් වශයෙන් සියල්ලෙහිම ඇති වැදගත් වූ කාරණා බව සමාජයේ පිළිගැනීමයි. නමුත්, සමහර විට මෙම චාරිත්‍ර සිදුනොවූ බව කියමින් දැරියක් මල්වර චාරිත්‍ර නිසිපරිදි ඉටුනොකිරීම නිසා විපත් සිදුවේය යන්න පිළිබඳව කතාන්දර රැසකි. 

 
මෙය සත්තකින්ම වැරදි මතයකි. අසත්‍යයකි. මුලා වූවකි. එවන් කතාන්දරයක් මල්වර වීමේදී සිදුවන්නේ නැත. විද්‍යාත්මක කතාන්දරයක් මිස වෙනත් කතාන්දරයක් නම් මෙහි නොවේ.   


මල්වර යක්ෂණිය නිසා තම දුවට ඇතිවී ඇති රෝගී තත්ත්වය සුවපත් කරගන්නට සියල්ලෝම යකදුරෝ සොයා යන්නට තීරණය කළහ. ඒ අනුව අපේ කතාන්දරයේ කතානායිකාව වන චතුරිකාගේ මව තම යෙහෙළියක සමඟ ඇය හඳුනන කපු මහතකු වෙත ගියාය. තම දියණියගේ ගැටලුවක් සම්බන්ධයෙන් පැමිණි බවත් එයට පිළියමක් කර දෙන ලෙසත් ඇය කපු මහතාගෙන් ඉල්ලා සිටියාය. අදාළ තරුණිය කැඳවාගෙන ආ යුතු බව කපු මහතාගේ තීරණය විය. චතුරිකාගේ මවත් ඇයගේ යෙහෙළියත් ඉන් පැමිණියේ පසුදා දියණියද කැටුව යන අදහසිනි. චතුරිකා සවස රාජකාරි නිමවී පැමිණි පසු මව ඇයට පසුදින නිවාඩුවක් දමා තමා සමඟ කපු මහතා හමුවීමට සූදානම් වන ලෙස පැවසුවාය.   
එදින හවස චතුරිකාත් මවත් කපු මහතා වෙත ගොස් චතුරිකා විවාහ වීමට අකමැත්තක් දක්වන බවත් ඇයට දැන් වයස විසිහතක් බවත් පවසා සිටියාය. කපු මහතා දේවාලය ඇතුළට ඔවුන් කැඳවා පඬුරු තුන්සිය හැටක් බුලත් කොළයක් මත තබා දේව ආසනය මත තබා පසෙකින් වාඩිවන ලෙස අණ කළේය. චතුරිකාත් මවත් වැඳ එකත්පස්ව වාඩිගත්හ.   
කපු මහතා එක් අතකින් සීනුව නාද කරමින් දෙවියන්ට කන්නලව් කරමින් චතුරිකාගේ නම කියමින් නොතේරෙන අයුරින් පැය භාගයක් පමණ දෙවියන් සමඟ කතා කළේය. කඩවර දෙවියන් ඉදිරියේ නොයෙක් ආකාරයෙන් කන්නලව් කෙරූ කපු මහතා ආරූඪයෙන් මෙන් “මේ කෙල්ලට තනිකම් දෝෂයක් තියෙනවා. කළුකුමාර බැල්ම වැටිලා. ලොකු ළමයෙක් වෙද්දී තනිවෙලා. ඒ නිසා විවාහයක් සිද්ධ වෙන්නෙ නෑ කොහොමත්. දෝෂය අයින් කරලා දාන්න වෙයි ඉක්මනින්” කියාගෙන ගියේය. “තව මොනවා හරි දැන ගන්න තියෙනවද..” කපු මහතා ආරූඪයෙන්ම ඇසුවේය. “අනේ ඔව් දෙවියනි දුවට රෑට නින්දෙන් මූත්‍රා යනවා. ඒක නතර කරගන්න ඕනෑ. ඒකයි කෙල්ල බඳින්න බෑ කියන්නේ” චතුරිකාගේ මව කපු මහතාට ආරූඪ වී සිටින කඩවර දෙවියන්ට කීවේය. “පූජාවක් තියලා කළුකුමාර දෝෂය අයින් කරාම ඒක හරියනවා. ඊට පස්සේ විවාහය සිද්ධ වෙයි” කපු මහතාට ආරූඪ වී සිටින කඩවර දෙවියන් කීවේය. ආරූඪයෙන් ඉවත් වූ කපු මහතා චතුරිකාගේ මවගෙන් දෙවියන් කුමක්ද පැවසුවේ දැයි ඇසුවේය. “අනේ කපු මහත්තයෝ අපේ දැරිවිට කළු කුමාර දෝෂය තියෙනවාලු. ඒක අයින් කරන්න කීවා පූජාවක් තියලා. එතකොට නින්දෙන් මූත්‍රා යන එකත් නතර වෙනවලු. විවාහයත් සිද්ධ වෙයි කීවා” චතුරිකාගේ මව කපු මහතාට කීවේ ආරූඪයෙන් කඩවර දෙවියන් කියූ දේය. “එහෙනම් ඉතින් පූජාවක් තියමු. කළු කුමාර දෝෂය ඉතින් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ නොව. ඒකට ඉතින් වියදම් කරන්න වෙයි. පූජාවටයි බඩුවලටයි තිස්පන්දහක් යයි. මොකෝ කියන්නේ හෙටම කරනවද. දැරිවිව මේකෙන් ගලව ගන්නත් එපැයි” කපු මහතා කීවේ බැරෑරුම් සහගතවය. “හොඳයි කපු මහත්තයෝ අපි හෙට ලෑස්ති කරගමු” චතුරිකාගේ මව කීවාය.   


නිවසට පැමිණි ඔවුන් බොහෝ විඩාපත්ව සිටියාහ. සවස නිවසට පැමිණි සැමියාට චතුරිකාගේ මව සියල්ල පැවසුවාය. “ඕවා විශ්වාස කරන්න පුළුවන්ද. කෙල්ලව අපි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඉමු” චතුරිකාගේ පියා අවවාදාත්මක ස්වරයෙන් කීවේය. “එහෙම කියලා බෑ අනේ. කපු මහත්තයා ඔක්කොම දේවල් හරියටම කිව්වනේ. ඉතින් කොහොමද බොරු වෙන්නේ. අපි හෙට පූජාව කරමු. අපේ කෙල්ලගේ ජීවිතේනේ. තවත් බල බල ඉඳලා හරියන්නේ නැහැ” චතුරිකාගේ මව සැමියාගේ කීම ප්‍රතික්ෂේප කළාය.   


පසුදින කපු මහතා පූජා භාණ්ඩද රැගෙන රාත්‍රී හතට පමණ චතුරිකාගේ නිවසට පැමිණියේ තවත් ගෝලයින් දෙදෙනෙකු සමඟය. සාලයේ කොනක පූජා භාණ්ඩ තබා කළුකුමාර දෝෂය අයින් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුණේ ගෝලයින් දෙදෙනා අතිනි. චතුරිකාව පූජා භාණ්ඩ තැබූ ස්ථානයේ පසෙකින් වාඩිකරවීය. එහි කඩවර දෙවියන්ගේ පිළිරුවක් ද තිබේ. පුහුල් ගෙඩියක් ද පසෙකින් ඇත. රාත්‍රී නවයට පමණ බෙර නාදයත් සමඟ දුම්මල වරමත් අතට ගත් එක් ගෝලයකු මුළු ගේ සිසාරාම දුවයන්නට විය. කපු මහතා චතුරිකාගේ හිසට අත ගසාගෙන මොන මොනවදෝ පවසයි. බෙර නාදය තව තවත් වැඩි වෙයි. පැය භාගයක පමණ කාලයක් ගත වූ පසු චතුරිකාගේ දෙපා ඉදිරියේ කළුකුමාර රූපය ඇඳි පුහුල් ගෙඩිය තබා එය දෙපළු වන සේ මන්නා පහර ගැසුවේය. එය ඉවත් කෙරූ කපු මහතා චතුරිකාගේ ඉණට යන්ත්‍රයක් ද පැළඳ වීය. රාත්‍රී දොළහ වනවිට සියල්ල අවසන් කෙරුණි. කපු මහතා අදාළ මුදලද රැගෙන පිටත් විය. දැන් චතුරිකාට ගැටලුවක් නැත. ඇයට දැන් විවාහ වීමට පුළුවන. දෙමාපියන්ට සහනයකි.   


එහෙත් පසුදින සිටම චතුරිකාට නින්දෙන් මූත්‍රා පිටවීම සිදුවිය. ඉඳහිට මූත්‍රා පිටනොවන දින නොතිබුණා නොවේ. එහෙත් තනිකම් දෝෂය ඉවත් කළද සෙතක් වී නොමැති බව දුටු චතුරිකාගේ මව කපු මහතා සොයා ගොස් පැහැදිලි කළේය. “ටික දවසකින් ඕක හරියනවා. කෙල්ලට කසාදයක් කරලා දෙන්න බය නැතිව” කපු මහතා පැවසීය. එහෙත් චතුරිකා එයට අකමැති විය. තමන් ලජ්ජාවට පත්වේ යැයි බියක් ඇගේ සිතෙහි විය.   


අවසානයේදී චතුරිකාගේ පියා මෙයට විසඳුමක් ලබාගැනීම සඳහා මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත චතුරිකාව කැටුව ගියේය. චතුරිකාගේ සියලු විස්තර වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇගෙන්ම අසා දැනගත්තේය. වෛද්‍යවරයාට සියල්ල වැටහිණි. “මෙම රෝගී තත්ත්වය සමහර දරුවන්ට ඇති වෙනවා. Bed Wetting වූ තත්ත්වයක් තමයි ඇතිවී තිබෙන්නේ.” චතුරිකාගේ දැඩි අසහනයට පත් වූ මෙම රෝගී තත්ත්වය සඳහා විසඳුම් ලැබුණි. රෝගය සුවපත් විය.   


විද්‍යාකුලපති මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “මෙය රෝගී තත්ත්වයක්. මෙවැනි අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන්න. මිත්‍යාව පසුපස ගොස් තම අතේ තිබෙන මුදල් ද නැති කරගෙන රැවටිලිකාරයින්ට හසුවී විනාශ නොවන්න. මින්පසුවත් රෝගයක් වැළඳුනහොත් වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබගේ ගැටලුවට සහනයක් ලැබෙයි.   


චතුරිකාට ඉන්පසු නින්දෙන් මූත්‍රා පිටවූයේ නැත. මේ වනවිට චතුරිකා විවාහ වී ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්නීය.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර සත්‍ය සිදුවීමකි.)   

 


සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top