Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
722
Views

"මම කලින්ම කිව්වා විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවා කියලා.."

"ඒ වගේ තීරණයක් ගත්තේ ගත්තේ ඒ නිසයි.."

ඒ කෙටි කාලය තුළ මට ලැබුණ ආදරය මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හින්දා ඒක මට ජීවිතේට වඩා වටිනවා..." - බුවනි චාපා


රංගනය කියලා කියන්නේ හරි අපූරු නවාතැනක්. ඒ තැනට කාලෙන් කාලෙට අලූත් නළු නිළියන් එනවා. ප්‍රේක්ෂකයන් ගේ ආදරයත් නොඅඩුව ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ තියෙන දක්ෂතාවය නිසාමයි. ඇයත් රංගනයට ඇවිත් ඉතාමත් කෙටි කාලෙකින් ජනප්‍රිය වෙන්නේ ඇය ගේ තියෙන දක්ෂතාවය නිසා. සුරූපී ඇයට දහසක් ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ ඇය ගේ දක්ෂතාවය නිසා. ඒ නිසාම ඇය ඉතාමත් කෙටි කාලෙකින් නැගී එන නිළිය සම්මානයත් ලබාගන්නේ ඇයගේ ජීවිතේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින්. ඇය නමින් බුවනි චාපා.

ඉතිං බුවනි කොහොමද ?
වරදක් නැහැ. හොඳින් සතුටින් ඉන්නවා.

මොනවද මේ දවස්වල කරන වැඩ ?
මේ දවස්වල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට මුකුත්ම භාරගෙන නැහැ. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් තියෙනවා තිරගත වෙන්න. එකක් හාස්‍ය චිත්‍රපටියක්. අනිත් එක ටිකක් සමාජයට ආදර්ශයක් දෙන චිත්‍රපටියක්. බොහෝදුරට ලබන අවුරුද්දේ තිරගත වෙයි.

එකදිගට මාධ්‍යයත් එක්ක ඉඳලා එකපාරටම මාධ්‍යයෙන් ඈත්වෙන්න හේතුව ?
ඇත්තටම මම දැන් කලින් වගේ රංගන කටයුතු කරන්නේ නැහැ. මම දැන් රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ. මම කලින්ම කිව්වා විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත්වෙනවා කියලා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ.

මොකද ඒ වගේ දැඩි තීරණයක් ගන්න හිතුවේ ?
ඒක මම හිතල ගත්තු තීරණයක්. විවාහයයි රංගනයයි දෙක බැලන්ස් කරගෙන යන්න අමාරුයි. දැන් මහත්තයාගේ ව්‍යාපාර කටයුතු තියෙන නිසා සම්පූර්ණයෙන්ම රංගනයට කාලය වෙන් කරන්න බැහැ. ඒක නිසා එයට සහයෝගයක් දක්වන්න ඕනෑ නිසා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ.

නිවේදනයෙනුත් දවසක ඈත්වෙන්නද අදහස ?
කොහොමත් ආයෙමත් රංගනය නම් කරන්නේ නැතිවෙයි. රංගනය කියලා කියන්නේ අපිට හිතුණ හිතුණ වෙලාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අපි කැපවෙන්න ඕනෑ. ඒක හරි අමාරු වැඩක්. නිවේදනය ඒ තරම්ම මගේ වැඩවලට බාධාවක් නෙවෙයි. නිවේදනය තුළ තව ටික කාලයක් රැඳෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

නැගී එන නිළිය විදියට සම්මානයත් අරගෙන එහෙම කලාවෙන් ඈත්වෙන එක හරිද ?
ඇත්තටම ඒක ප්‍රේක්ෂකයන්ට කරන ලොකු අසාධාරණයක්. නමුත් බැලන්ස් කරන්න බැරි දෙයක් කරන්න ගියොත් කිසි දෙයක් සාර්ථක නෑනේ. දෙකම අසාර්ථකයි. අපි කරන්නේ එකද ඒ දේට අපි උපරිම සාධාරණයක් කරන එක තමයි කරන්න ඕනෑ. මං ඉතිං මගේ පවුල් ජීවිතය තෝරගත්තෙ ඒ නිසා.

බුවනිගේ ඉදිරි සැලසුම් මොනවාද ?
එහෙම ලොකු සැලසුම් හදාගෙන නැහැ. මහත්තයාගේ ව්‍යාපාර වැඩවලට සහයෝගය දීලා පවුලේ අයත් එක්ක සතුටෙන් සහයෝගයෙන් සැහැල්ලූවෙන් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

මේ කෙටි කාලය තුළ ඔබ රංගනයෙන් උපයාගත්ත වටිනාම දෙය ?
අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය. 2012 මම රංගනයට එන්නේ. ඒ කෙටි කාලය තුළ මට ලැබුණ ආදරය මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හින්දා ඒක මට ජීවිතේට වඩා වටිනවා.

දේශපාලනයට එන්න ආරාධනා ලැබිල නැද්ද ?
නැහැ මට ආරාධනා ලැබිලා නැහැ. ඒක අපි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක මුළු සමාජයේම වගකීම අතට ගන්න දෙයක්. මිනිස්සුන්ට සහන සලසන දෙයක් තමයි දේශපාලනය. මිනිස්සුන්ට උදව් කරන්න දේශපාලනයට එන්න ඕනෑ නැහැ. ඒක මෙහෙම ඉදගෙනත් අපිට කරන්න පුළුවන්. දේශපාලනය කියන්නේ මම කතා කරන්නවත් කැමැති මාතෘකාවක් නෙවෙයි.

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙයක් කරන්න අදහසක් නැද්ද ?
ඇත්තටම මම හරි කැමතියි මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙයක් කරන්න. විශේෂයෙන් ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. ඉදිරියේදී අනිවාර්යෙන් මම ඒක කරනවා.

ප්‍රසංග මාභරණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top