Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 07
698
Views
කරිෂ්මා කපූර් කියන්නේ දශක ගණනාවක සිට බොලිවිඩයේ  විවිධ චරිතවලින් ලස්සන කරන නිලියක්. ඇය සංජය කපූර් එක්ක විවාහ වෙනවා.
නමුත් විවාහයෙන් වසර කිහිපයකට පසුව තමයි දරුවන්ලබන්න ඔවුන් වාසවන්ත වෙන්නේ. කරිෂ්මා කපූර් සංජය කපූර් සමඟ ගත කළ විවාහ ජීවිතයේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙමින් 2016 වසරේදී ඔවුන් නීතියෙන් වෙන්වූවා. මේ වන විටත් සමීරා කපූර් සහ කියාන් රාජ් කපූර් වන කරිෂ්මාගේ සහ සංජය ගේ දරුවන් දෙදෙනා කරිෂ්මා භාරයේ හොඳින් වැඩෙමින් සිටිනවා. විවාහ ජීවිතය දෙදරා යෑමත් සමඟ කරිෂ්මාගේ නම පටබැඳෙන්නේ සංදීප් ටොෂිනිවාල් එක්ක.

ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔහුත් කලින් විවාහයෙන් දික්කසාද වූ කෙනෙක්. මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැඩිව පැවතුනු නිසා මොවුන් දරුවන්ගේ වගකීම්වලින් බැහැර වෙලා විවාහ වෙන්න සුදානම් බව තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
 
අවස්ථා කිහිපයකදී කරිෂ්මා සහ සංදීප් එකට කාලය ගතකරන අවස්ථා පැපරාසීන් විසින් ඡායාරූප ගත කරමින් සමාජ ජාලවලට නිකුත් කර තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ දැන් සංදීප් සහ කරිෂ්මා අතර තිබූ ඇයිහොදයිය බිඳ වැටිලා කියලයි. මේ වනවිට කරිෂ්මාගේ පූර්ණ කැමැත්ත වී ඇත්තේ දෙවැනි විවාහයක් සඳහා නොව” ඇය දැඩිව ආදරය කරන දරුවන් දෙදෙනා හොඳින් හදාවඩා ගැනීම සඳහා බව පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top