Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 07
992
Views
"මං කියන්නේ මේක දෙවියන්ගේ රස්සාව කියලයි.."

"මට මේකේ කරන්න දෙයක් නැහැ කියලා හිතෙන ඒවත් මග හැරෙනවා..."
පබෝධා සංදීපනී කියන්නේ කුඩා කලසිටම කලාව දකින කලාව විදින චරිතයක්. ඒ නිසාම රංගනය ඇයට ඕපපාතිකයක් වෙන්නේ නැහැ. හිරු රූපවාහිනියේ විකාශය වෙන උරුමයක අරගලය නාට්‍යයෙන් මේ දිනවල දකින්න ලැබෙන ඇය ගැනයි මේ.
 
පබෝධා හරිම සතුටින් තමන්ගේ වෘත්තිය දිහා බලන නිළියක් වගෙයි ?
මම රගපෑමට හරිම ආදරෙයි. මම කරන චරිතවලට ආදරෙයි. ශිල්පිණියක් විදිහට මම ගොඩක් කැමැත්තෙන් චරිත භාරගන්නවානේ. මං කියන්නේ මේක දෙවියන්ගේ රස්සාව කියලයි. ලෝකේ තියෙන රැකියාවන් අතරින් මේක හරිම තෘප්තිමත් රැකියාවක්.
 
පබෝධා මතකයේ රැදෙන චරිත රුසක අයිතිකාරියක්. නමුත් ඒ අතර මිනිසුන් අතරට නොයන චරිතත් ඔබ වටා තියෙනවා ?
මේකට හේතුව විදිහට මම නම් හිතන්නේ අද වෙද්දි කෙරෙන නිර්මාණ ගොඩක් වැඩියි. සාර්ථක නිර්මාණයක් වුණත් මිනිස්සුන්ට මගහැරෙනවා මේ තරගය නිසා. නැතිනම් මම රගපෑ මේ දිනවල විකාශය වන උරුමයක අරගලය කියන නිර්මාණය හොද මට්ටමක තියෙනවා.

පබෝධා වෘත්තීය මට්ටමේ නිළියක වූවත් ඔබ කිසියම් තෝරාබේරා ගැනීමක සිටින නිළියක් ද ?
කාල වේලාව ගැන ප්‍රශ්නයකුත් තියෙනවා. මම කරන වැඩ වලට අමතරව මට ගෙදර වැඩ කොටසකුත් තියෙනවානේ. මේ කාරණාව තුළත් සමහර නිර්මාණ මග හැරෙනවා. තවත් කොටසක් තියෙනවා. මම මේක කලාට මට විදින්න බැහැ. මට මේකේ කරන්න දෙයක් නැහැ කියලා හිතෙන ඒවත් මග හැරෙනවා.
 
සිනමාවේ ඔබ වඩාත් ජනප්‍රිය තලයකට ගෙනගිය බහුබූතයෝ ගින්දරී හි තුන්වන අදියරටත් සුදානම් කියලා ආරංචියි ?
ඔව්. ඒ චිත්‍රපටය ජනවාරි මාසයේ කරනවා.
 
ඒ වෙනුවෙන් ශරීරයේ වෙනස්කම් කරගන්න වෙනවා නේද ?
මම දැන් කෙට්ටු වෙලා ඉන්නේ. මම මේ දවස්වල සරත් වීරසේකරගේ ශ්‍රි ශ්‍රද්ධා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරනවා. ඒක වෙනුවෙන් මම මහත අඩුකර ගත්තා.
 
මේ දවස්වල යෙදිලා ඉන්න නිර්මාණ මොනවාද ?
උරුමයක අරගලය ඒ හැරුණම ශ්‍රී ශ්‍රද්ධා චිත්‍රපටයෙත් රූපගත කිරීම් කරනවා.
 
එකම කාල සීමාවක චරිත කිහිපයක්ම රගපෑම රංගනයේ ගුණාත්මක බවට බලපාන්නේ නැතිද ?
නැහැ. මේ හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත නේ. මට ප්‍රශ්නයක් තියෙන්නේ ගෙදර වැඩ ටිකත් එක්ක මේ කටයුතු වෙනුවෙන් කාලය කළමණාකරනය කරගන්න එකයි.
 
ඔබ ඔබේ නිර්මාණ වල රසිකාවියක්ද ?
ඔව්. මම මගේ සියලූම නිර්මාණ බලනවා. ඒ මගින් මම මගේම අඩුපාඩු දකිනවා. ඒ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා. අපි රගපාන එකෙන්මනේ රගපෑම ඉගෙන ගත්තේ.
 
පබෝධා ගුවන්විදුලි හා රූපවාහිනී හඩ කැවීම් ශිල්පිණියක් නේද?
ඔව්. ඒ දේවල් කරගෙන යනවා.
 
ඔබගේ පුංචි කැදැල්ලේ තොරතුරු මොනවාද ?
පුතා දැන් ජාත්‍යන්තර පාසලක පෙර පාසලේ ඉගෙන ගන්නවා. මගේ සැමියයි. ඔහුගේ දෙමව්පියනුයි මගේ අම්මයි මට ගොඩක් උදව් කරනවා. දරුවා බලාගන්න ගෙදර වැඩවලට සැමියාගෙන් හා පවුලේ අයගේ ලැබෙන සහය නිසයි මම මේ විදිහට වැඩ කරගෙන යන්නේ.
 
 
 ධම්මිකා සුරංජි පතිරණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top