Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
313
Views
පාර්ලිමේන්තුවේ බහුතර බලය වන මන්ත්‍රී ධුර 113, මේ වන විට නව රජය විසින් සපුරාගෙන අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටම රකින ජනමහිමය ජනතා රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා.
කවර බලවේගයක් හමුවේ වුවද ඉදිරියට තැබූ පය පිටුපසට නොගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.

එම ජන රැළියට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බවයි.

රජයට සහය පළ කරන රටම රකින ජනමහිමය අද පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේදී ආරම්භ වුණා. 

රැළියට සහභාගිවීම සඳහා බත්තරමුල්ල - සෙත්සිරිපාය, රාජගිරිය - ගුවන් පාලම සහ පාලම් තුන හන්දිය යන ස්ථාන 3කින් අති විශාල ජනකායක් පා ගමනින් පාර්ලිමේන්තු වට රවුමට පැමිණියා. 

ඉන් අනතුරුවයි ජන රැළිය ආරම්භ වූයේ.

ජනරැළියට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පස්වරු 4ට පමණ එක්වුණා. 

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව එහි පැමිණ වේදිකාවට පිවිසීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top