Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 05
2,609
Views
නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තියෙන් යුත් යෞවනියකි.

විවාහ වීමට සිය නිසි කළ වයස පැමිණි පසු ඇයගේ මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමේ කටයුත්තට අත තැබුවේ සිය දියණියට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සැමියකු සොයාදීමේ අරමුණෙනි. 

මේ අනුව ඇගේ මව තමා දන්නා කියන සැම දෙනාගෙන්ම ඉල්ලීමක් කළේ තම දියණියට සුදුසු සහකරුවකු සොයා දෙන ලෙසය. 

ඒ අනුව නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයෙන් තම දියණියට ගැලපෙන සහකරුවකු සොයාගැනීමට හැකිවිය. 

ඒ අනුව මනාලියගේත් මනාලයාගේත් මවුපියන් සිය ඥාති හිත මිතුරන්ට ද දන්වා විවාහ මංගල්‍යය ජයටම පැවැත්වීමෙන් පසුව මනලයා සිය නිවසට මනාලිය කැඳවාගෙන යාමට පෙර මධුසමය ගත කිරීමට ගොස් සිටියදී මනාලිය හත්මස් ගැබිනියක් බව දැන ගත් මනාලයා පසුදා දෙපාර්ශයේම මවුපියන් කැඳවා මනාලිය පදිංචි ප්‍රදේශයේ පොලිසියට ද මේ පිළිබඳ පැමිණිලි කර සිය සහකාරිය ලෙස තෝරා ගත් මනාලිය ඇගේ මවුපියන්ට ආපසු බාර දුන්නාය.

මනාලිය විවාහවීමට පෙර තමා පදිංචි ප්‍රදේශයේම තරුණයකු සමග ඇතිකරගනු ලැබූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් ඇය ගැබිනියකුවූ බව ප්‍රදේශවාසී ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය මනාලිය හත්මස් ගැබිනියක බව දනගත් මානාලයත් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි සිත් වේදනාවෙන් පසුවෙනවාලු.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top