Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 03
161
Views
තවත් අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එස්.බී. නාවින්න - සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. 

දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 08 දෙනෙක් දිවුරුම් දී තිබෙනවා. 

අවස්ථා කිහිපයකදී එක්ව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු නව රජය සමඟ එක්වීමත් සමග මේ වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්ව තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු මේ වන විට නව රජයට සහය දීමට එක්ව ඇති අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන්ගේ සහයත් සමඟ නව රජයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 103 දක්වායි. 

කථානායකවරයා හැරුණු කොට මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 99 දක්වා පහත බැස තිබෙනවා. 

එක් මන්ත්‍රීවරයෙක් නව රජයට සහය දැක්වීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාවද 16 සිට 15 දක්වා පහළ බැස තිබෙනවා. 

මේ අතර අමාත්‍යංශ දෙකක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් 4 දෙනෙක් අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා. 

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශ ලේකම්වරයා ලෙස සුනිල් හෙට්ටිආරච්චි සහ වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එන්. ඒ. සිසිර කුමාර පත්වීම් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. 

එස්.ආර්. ආටිගල මුදල් හා ආර්ථීක කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට සහ දර්ශනා සේනානානයක සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට ද පත්වීම් ලබාගෙන තිබෙනවා.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top