Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 02
412
Views
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (2) දහවල් විශේෂ ආගමික වතාවත් වල නිතරවීම පිණිස රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.

කතරගමට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳ පුදාගෙන පසුව කතරගම දේවාල භූමියට පැමිණි අතර එහිදී අෂ්ඨ ඵළබෝධිය වැඳ පුදා ගෙන මහා දේවාලය ඇතුළු පරිවාර දේවාල වෙත ගොස් පළතුරු පුජාවන් තබා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගැනීම සිදු කෙරිණි.

පසුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top