දෙපාර්ශ්වය වෙනුවෙන් මැදිහත් කිරීමට අවශ්‍ය නම් තමන් ඒ වෙනුවෙන් සහයෝගය දීමට සූදානම් බවද ඔහු කියයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා එම කරුණු සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඔහුට සුබ පැතුම් කළ පළමු ඉන්දීය දේශපාලනඥයා වන්නේ ද භාරතීය ජනතා  පක්ෂය නියෝජනය කරන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාය.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

     “දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්පන්දන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ට අවධාරණය කරනවා. හිතවත් බේරුම් කිරීම් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම මගේ උපරිම සහයෝගය දෙනවා”.

මේ අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට සූදානම් යැයි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එරට සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් පවසා ඇත.