Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 27
1,707
Views
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉදිරියේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතර සහයෝගය පළකර නව ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමින් සිටින බව පාර්ලිම්නේතු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා.

මේ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නව අගමැතිවරයාට හිමිවනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකරන්නේ.

මේ අතර නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට තම පක්ෂයේ සහය ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පැවසුවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තුසිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඒ අනුව පාර්ලිමේන්තුවේදී නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්වන බවයි.

එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (26) දිනයේදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතීම සඳහා ද පැමිණ සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top