Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 20
1,583
Views
ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ ඇති වූ මත ගැටුමක්‌ හේතුවෙන් පාසල් සිසුවකු විසින් තම හිතවත් ශිෂ්‍යාවකට පහර දුන් සිද්ධියක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස පාසල් සිසුවා අතින් පහර කෑමට ලක් වූ ඇය ගම්පොල ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවයි ගම්පොල පොලිසිය පවසන්නේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ගම්පොල ස්‌ටෝල්ඩ් නව ජනපදයේ පදිංචි ශිෂ්‍යාවක්.

ඇය හා මෙම සිසුවා ගම්පොල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන අතර පාසල අවසන්ව එකම බසයේ යන එන අය වෙති. මෙම සිසුවියගේ මව ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ සිටින්නියක වන අතර සිසුවා එම ඡායාරූප රැගෙන අම්මාද දුවද බඳින්නේ යෑයි මෙම ශිෂ්‍යාවට පවසා තිබෙනවා.

මෙයින් උරණ වූ ශිෂ්‍යාව “ ඇයි එහෙම අහන්නේ , මට ලැඡ්ජා කරන්න එපා “ යෑයි පවසා පසු සිසුවා ඇයට පහර දී තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යාවගේ මව විසින් එම ශිෂ්‍යාව එදිනම රාත්‍රියේ ගම්පොල ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර ඒ සම්බන්ධයෙන් ගම්පොල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top