Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 15
1,776
Views
‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ටීනා ෂනාලී මේ වනවිට සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධව සිටියි. පසුගිය දිනවල ඇය වඩාත් රසික අවධානය දිනාගනු ලැබුවේ ගීත රූප රචනා සඳහා රංගනයෙන් දායක වෙමිනි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.




‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සේ ටීනාව දැක්කේ නැහැ?

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සේ තවත් චිත්‍රපටයක් කළා. එහි වැඩ කටයුතුත් එක්ක තමයි පසුගිය කාලයේ හිටියේ. මේක කොමර්ෂල් ටයිෆ් එකේ චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය අත්භූත ගනයේ එකක්. ලව් ස්ටෝරියක් නැහැ. මම මෙහි රංගනයෙන් දායක වෙන්නේ මවක් ඉන්න දරුවෙක්ගේ චරිතයක්. චිත්‍රපටය නරඹන කොට මේ චිත්‍රපටයේ විශේෂත්වය ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන් වේවි. චිත්‍රපටය ගැන වැඩි විස්තර ඉදිරියට කියන්නම්. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යයකත් මේ දිනවල වැඩ කරගෙන යනවා.

ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්නේ නැ කියලා තිරණයකත් ඔබ හිටියා නේද?

ඔව්, මේ ටෙලි නාට්‍යය කරන්නේ ‘දේදුනු ආකාසේ’ කරපු ප්‍රියන්ත කොළඹගේ අයියා. ඉතින් ඔහුත් එක්ක වැඩ කරන්න පහසු නිසා තමයි මේ වැඩේ භාර ගත්තේ.

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට ලැබුන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. මේ මගේ පළමු රංගනය. ඉතින් සැකයකින් හිටියේ ප්‍රේක්ෂයෝ මගේ පළමු රංගනය මොන විදිහට පිළිගනියිද කියලා. නමුත්, කියන්න සතුටුයි. ප්‍රේක්ෂයන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබුණා. අදටත් ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ මා කළ චරිතයට ලැබෙන ප්‍රතිචාර වලින් අඩුවක් නැහැ.

රංගන ශිල්පිනියක් වුණ නිසා නිරූපණය අමතක කළාද?

නැහැ. නමුත්, පොඩ්ඩක් විතර ඒ පැත්තට දෙන දායකත්වය අඩු කළා. මොකද, මම දායක වෙන ටෙලි නාට්‍යය ‘මෙගා’ එකක්. ඒ නිසා ලොකු කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත්, නිරූපණය පැත්තෙන් මගේ ගාණට හොඳ වැඩක් ආවොත් මම භාර ගන්නවා. 

ඒත්, මම හිතන විදිහට අද නිරූපිකාවන්ට වැඩ ලැබෙනවා ගොඩක් අඩුයි. මොකද, ක්ෂේත්‍රය තුළ අද ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි පොඩි ගාණටත් වැඩ කරන්න නිරූපිකාවෝ අද ඉන්නවා ඕනා තරම්.

පසුගිය කාලේ නම් ටීනා වැඩිපුර අපි දැක්කේ ගීත රූප රචනාවල?

ඔව්, පසුගිය කාලයේ මම ගොඩක් මියුසික් විඩියෝවල රඟපෑවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් අතර කතා බහටත් ලක්වුණා. ඒත්, දැන් නම් මම මියුසික් විඩියෝවලට දෙන දායකත්වය ගොඩක්ම අඩුයි. කරපු නිර්මාණ දෙකක් වගේ තමයි මගේ තව එන්න තියෙන්නෙත්. මියුසික් විඩියෝවල දායක වෙන්නේ නැති හේතුව තමයි මගේ ගාණට කෙරෙන නිර්මාණ නැහැ. ඊට අමතරව මියුසික් විඩියෝ කරන අධ්‍යක්ෂකවරු කරන වැඩත් එක්ක ලොකු කළකිරීමක් තියෙනවා.

හැමෝම නැහැ හොඳ අධ්‍යක්වරුත් ඉන්නවා. එක්තරා කොට්ඨාසයක් තමයි වැරදි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් නිර්මාණය කරද්දි මම ගොඩක් හිතලා බලලා තමයි තිරණයක් දෙන්නෙත්.

 
බුද්ධික සේනාධීර



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top