Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 15
371
Views
ඉන්දියානු පාලිත කාශ්මීරයේ අවුරුදු නවයක් වයසැති දැරියක් සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ පියාගේ පෙර විවාහයේ බිරිඳ ඇයගේ 14 හැවිදිරි පුතා ඇතුළු තවත් තිදෙනෙකුට තමන් බලා සිටියදීම දැරිය දූෂණය කරන ලෙස දන්වා ඇති බව නිලධාරියෝ පවසති.

පසුගිය ඉරිදා බැරමුල්ලා දිස්ත්‍රික්කයේ (Baramulla district) කැලෑවක් තුළ තිබී දැරියගේ සිරුර හමුවී තිබේ. ඇය නොයෙක් වධ බන්ධනවලට ලක්කර තිබූ අතර ඇසිඩ් දමා සිරුර පුළුස්සා තිබූ බව ද ඔවුහු පැවසූහ.

පියා මෙම දැරියට අන් දරුවන්ට වඩා ඇල්මක් දැක්වීම එම කාන්තාවට නොරිස්සුම් සහගත වී තිබේ.

දැරියගේ සිරුර හමුවීමට පෙර දින දහයක් අතුරුදහන්ව සිටි බව පොලිසිය බීබීසී වෙත පැවසීය.

"අපි සොයාගෙන තිබෙනවා මේ කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ දෙවෙනි බිරිඳ සහ ඇයගේ දරුවන් ගැන වෛරයෙන් පසුවූ බව" යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිර් ඉමිතියාස් හුසේන් පැවසූ බව NDTV පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

දැරිය සමූහ දූෂණයට ලක් කිරීමෙන් පසු පොරොවකින් පහරදී ඇය ඝාතනය කර ඇති බව මිර් ඉමිතියාස් හුසේන් පැවසීය. 19 හැවිදිරි එක් සැකකරුවෙකු දැරියගේ සිරුරු කොටස්වලට වෙන් කර තිබෙන බව ද ඔහු තවදුරටත් පැවසුවේය.

මාස කීපයක් ඇතුළත මෙය ඉන්දියානු පාලිත කාශ්මීරයේ සිදු වූ දෙවෙනි සමූහ දූෂණය සහ ඝාතනය වේ. අප්‍රේල් මස කතුවා දිස්ත්‍රික්කයේ දී අට හැවිදිරි මුස්ලිම් දැරියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබිණි. එම සිද්ධියෙන් පසු භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙක්, හින්දු ජාතික සැකකරුවන්ට සහාය දක්වමින් පැවැත්වූ රැළියකට සහභාගී වීමත් සමග රට පුරා විරෝධතා පැන නැගුණි.


2012 වසරේ බස් රථයක් තුළදී 23 හැවිදිරි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග ලිංගික හිංසනය පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමු වෙමින් පවතී.

එම අපරාධයෙන් පසු දින ගණනාවක් විරෝධතා පැවැත්වුණ අතර, දූෂණයට එරෙහිව මරණ දණ්ඩනය ඇතුළු දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කෙරිණි.

කෙසේනමුත්, කාන්තාවන් සහ දරුවන්ට එරෙහිව සිදුවන හිංසන තවදුරටත් රටපුරා වාර්තා වෙමින් තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top