Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 15
934
Views
#MeToo රැල්ල බොලිවුඩ් පුරයම මේ වන විට ගිනිබත් කරමින් සිටිනවා. විශේෂයෙන්ම එය හඳුන්වා දී ඇත්තේ ‘‘ලිංගිකත්වයට එරෙහි ව්‍යාපාරයක්‘‘ ලෙසයි. මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ජයප්‍රිය නිළි තනුශ්‍රී දත්තා.ඈ මුලින්ම ඒ චෝදනාව කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක නානා පටේකාර්ට. ඔහු තමන්ට ලිංගික හිංසනයන් සිදු කළා ආකාරය ඇය හෙළි කරන්නේ වසර ගණනාවකින් පසුවයි.

ඒ සමඟම ඇය විවෘත ආරාධනාවක් කරමින් අසාධාරණයට ලක් වූ කාන්තාවන්ට හඬ නඟන්න පුළුවන් විදිහට #MeToo දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කොට ප්‍රචාරයක් ලබා දුන්නා.

විශේෂත්වය වන්නේ මේ හරහා ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකුත්, වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආන්දෝලනාත්මක චරිතයකුත් ප්‍රහාරයට ලක්වුණා. ඒ හෙළිදරව් කිරීම් සිදු කළ සියලු දෙනාම ජනප්‍රිය ගායන ශිල්පිනියන්, නිරූපණ ශිල්පිනියන් හෝ රංගන ශිල්පිනියන් වීම විශේෂත්වයක්.

කොහොම වුණත් දැන් මේ කතන්දරය අලුත් වෙන්නේ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන සයිෆ් අලි ඛාන් කරපු ප්‍රකාශයක් නිසයි. සයිෆ් මේ ව්‍යාපාරයට තමන්ගේ සහයෝගය දෙමින් කියා සිටින්නේ, දැනට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල වෙන කිසිම කෙනෙකුට තමන්ගේ සහය ලබා නොදෙන බවයි.

ඒ විතරක් නෙවෙයි, කාන්තාවන්ට වද හිංසා පමුණුවන එවන් අයවුන් සමඟ චිත්‍රපටි කරන්නෙත් නෑ කියලා සයිෆ් දැඩි තීන්දුවක් අරගෙන තියනවා.

සයිෆ් විතරක්ම නෙවෙයි, Alok Nath, Rajat Kapoor, Kailash Kher, Vikas Bahl, Sajid Kha වැනි අයත් කාන්තාවන් එක්ක මේ වෙලාවේ සහයෝගය දෙන්න එකතු වෙලා තියනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top