Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 12
500
Views
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දවස් වල ඉන්නේ ලංකාවේ. දෙරට අතර දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැත්වුණු ප්‍රථම එක්දින තරඟය වර්ෂාව නිසා නැවැත්වීමට සිදු වුණා. දෙවන තරඟයත් පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගණයේ දීමයි.කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයන්ට ඊයේ (11) පුංචි විවේකයක් ලැබුණා. ඒ ලැබුණු විවේක වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එංගලන්ත ක්‍රීඩකයින් ලංකාවේ සුන්දරත්වය බලන්න යන්න අමතක කලේ නෑ. ඔවුන් මින්නේරි වනෝද්‍යානයට ගොස් අලි ඇතුන් නැරඹුවා. ඒ අතරේ ඔවුන් ගිය සෆාරී ජීප් රථය මඩේ එරිලා කරදරේක වැටුණත් ලංකාවේ අයගෙ උදව්වෙන් මඩේ එරුන වාහනේ ගොඩට ගත්තා.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ විසින් ඔවුන් සිගීරියේ ගිය අවස්ථාවේ ගත් ඡායාරූප වගයකුත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරලා තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණේ ලංකාවේ ඉතිහාසය පුදුම දනවන සුළුයි කියලා.













Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top