Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 12
517
Views
අමිල අබේසේකර කියන්නේ කවදත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනය වගේම පුද්ගලික ජීවිතේ පිළිබඳවත් පුවත්පතකට ඔහු මෙසේ සඳහන් කර තිබුණා.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු..?

මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. මොකද මම ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා.

දැන් ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් ගත වෙලා නේද..?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ක් වෙනවා. ටෙලි නාට්‍යවල රඟපාන්න අරගෙන අවුරුදු 18ක් වෙනවා.

ක්ෂේත්‍රයේ අලුත් අලුත් අය හිටියත් තාමත් අමිලට පෙම්වතා වෙන්න අවස්ථාව ලැබෙනවා..?

ඔව්. ඒ සමහරවිට තවමත් මගේ තරුණ පෙනුම තියෙන නිසා වෙන්න ඇති. පෙනුම විතරක් නෙවෙයි මම කොහොමත් තරුණයි තමයි. මම ගොඩනඟාගත්ත ස්ථාවරයත් එක්ක මම හිතන්නෙ මට තවමත් පෙම්වතාගේ චරිතය ලැබෙනවා.

විවිධ රංගන ශිල්පිනියන් සමඟ රඟපානකොට බිරියගෙ ප්‍රතිචාර කොහොමද..?

අපි විවාහ වෙනකොටත් මම ක්ෂේත්‍රයේ හිටියා. එහෙම අවුලක් නැහැ. එයා හොඳට මාව තේරුම් අරගෙන ඉන්නෙ.

ඔබව ඒ නිර්මාණයෙන් සැබෑවටම වෙනස් කරලා නේද..?

ඇත්තටම ඒ වගේ චරිතයක් මට නුහුරුයි. මොකද මම මීට කලින් ඒ වගේ චරිතයක් කරලා නැහැ. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. ඒකෙ තියෙන දෙබස් පවා නුහුරුයි. රඟපාන එකටත් වඩා ඒකෙ දෙබස් තමයි නුහුරු වුණේ. නමුත් ඒ වෙනසට මම කැමැතියි.

නිර්මාණයකට දායක වෙන්නේ මොන වගේ කාරණා ගැන හිතලද..?

මම අනිවාර්යයෙන්ම අහනවා මොකක්ද මගේ චරිතෙ, කවුද මාත් එක්ක රඟපාන්න ඉන්නෙ වගේ සියලුම දේවල්. ඒවා හොයලා බලලා තමයි චරිතය භාර ගන්නෙ.

මුදල් ගැන හිතන්නේ නැද්ද..?

මෙහෙමයි. අපේ ක්ෂේත්‍රයේ අපේ දක්ෂතාවට සරිලන මුදලක් කියන්න අමාරුයි. එහෙම කියන්න ගියොත් අපිට වැඩ නැතිවෙනවා. "අර නිළියට වඩා වැඩියෙන් ගාණ කියන්න ඕනෙ" කියලා හිතුවොත් අපිට ගෙදරටම වෙලා ඉන්න වෙන්නෙ.

සිනමාවේ දකින්න නැත්තේ ඇයි..?

මම තවම චිත්‍රපට දෙකකට විතරයි දායක වෙලා තියෙන්නෙ. ඇත්තටම මීට අවුරුද්දකට විතර කලින් මෙගා ටෙලි නාට්‍යවල වැඩත් එක්ක සිනමාවේ වැඩ දෙකතුනක්ම මඟහැරුණා.

ඒ කියන්නෙ සිනමා නිර්මාණ මඟහරිනවද..?

සිනමා නිර්මාණයක් ආවොත් කොහොම හරි භාර ගන්නවා ඉතින්.

ක්ෂේත්‍රයට අලුතින් බොහෝ නළුවන් එකතු වෙනවා. ඔබ ඒ අය එක්ක රංගනයෙහි තරග කරනවද..?

මට පෞද්ගලිකව කිසිකෙනෙක් එක්ක තරගයක් නැහැ. එයාලටත් එහෙම කා එක්කවත් තරගයක් නැහැ. මොකද හැමෝටම තමන්ටම ආවේණික වුණු අනන්‍යතාවක් තියෙනවා. එතකොට අමිල අබේසේකර කියන්නෙ එක්කෙනෙක්. එයා වගේ තව කෙනෙක් නැහැ. හැමෝම තම තමන්ගෙ ගමන යනවා.

අලුත් නළුවන් එක්ක බලනකොට අමිලගේ ජනප්‍රියත්වයේ වෙනසක් වෙලාද.?

එහෙම වෙනසක් නැහැ කියලා හිතෙනවා. මොකද තවමත් මට නිර්මාණවලට කතා කරනවා. අපිව නිර්මාණයකට ගන්නේ අපිව විකුණන්න ලේසි නිසානේ. අනෙක් එක ජනප්‍රියත්වය තීරණය කරන්නෙ ප්‍රේක්ෂකයො.

තවමත් තරුණියන්ගේ ආකර්ෂණය තියෙනවද?

මෙහෙමයි, නැත්තෙ නැහැ. තාමත් ඒ ආකර්ෂණය තියෙනවා. අපෙන් පස්සෙ තවත් අලුත් පරම්පරාවක් ආව නිසා එයාල සහ මම අතර ආකර්ෂණය බෙදිලා යන්න පුළුවන්. ඒත් අවංකව මට කැමැති තරුණ තරුණියන්ගේ කැමැත්ත තවමත් තියෙනවා.

විවාහයෙන් පස්සෙ ජනප්‍රියත්වයේ වෙනසක් තියෙනවද?

අපෝ නැහැ. ඒවා බොරු කතා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කවදාවත්ම. මම හිතන්නෙ ඒ කාලේ මගේ පරපුරෙන් මුලින්ම විවාහ වුණේ මම.

සම්මානවලට නිර්දේශ වෙනවා. ඒත් ලැබෙන්නෙ නැහැ නේද..?

ජනප්‍රියම නළුවගෙ සම්මානය මට කලින් ලැබිලා තියෙනවා. තව මට ජනප්‍රියම නළුවා සම්මානයට මහන්සි වෙන්න වෙලාවකුත් නැහැ. ඕනකමකුත් නැහැ.

ඒ කියන්නෙ ජනප්‍රියම සම්මානය අතහැරලම දැම්මද..?

මට තියෙන ජනප්‍රියත්වය ඇති.  සල්ලි වියදම් කරගෙන සම්මාන ගන්න ඕනකමක් නැහැ.

නිවේදන භූමිකාවට මොකද වුණේ..?

මේ දවස්වල නම් නිවේදන කටයුතු කරන්නෙ නැහැ. ඒත් හොඳ දෙයක් ලැබුණොත් කොහොම හරි කරනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top