මේ නිසා අධිකරණ නියෝග මත ඇය ගාල්ලේ ළමා නිවාසයක රඳවා සිටියදී ඉකුත් පෙබරවාරි 28 වැනි දින එම ළමා නිවාසයෙන් පැන ගොස්‌ සිටියදී කොළඹ මෝදර ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ නිවසට කැඳවා ගෙන ගොස්‌ දින කිහිපයක්‌ තිස්‌සේ එම නිවසේ තබාගෙන දූෂණය කර ඇති බවත් එසේ සිටියදී තවත් කාන්තාවක්‌ විසින් ඇයට ඒ අසල සපත්තු කම්හලක රැකියාවක්‌ සොයා දී ඇති බවත් පොලිසියට අනාවරණය වී තිබෙනවා.

 

පසුව ඇය මවට දුරකථන ඇමතුමක්‌දී තමා සපත්තු කම්හලේ සිටින බව පවසා ඇති බවත්. ඒ අනුව මව එහි ගොස්‌ දැරිය කැඳවාගෙන පැමිණ ගාල්ල පොලිසියට භාරදුන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටිනවා.

අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය කරුණු සලකා බලා දැරිය රඳවා තැබීමට සුදුසු නිවාසයක්‌ යෝජනා කරන ලෙස පරිවාස නිලධාරීන්ට උපදෙස්‌ දී එතෙක්‌ ගාල්ලේ රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට නියෝග කොට වැඩිදුර කරුණු දැක්‌වීම ජුලි 25 වැනි දිනට කල් තැබූවා.