මොවුන් මෙසේ පෙම්සුව විඳිමින් සිටියදී විවිධ අපචාරවලට ගොදුරුවීම වැළැක්‌වීමේ අරමුණෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත කුරුණෑගල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ නිලධාරීන් විසින් පසුගියදා මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙදින පොලිස්‌ අත්අඩංගුවට ගත් ලාබාල ජෝඩු 21 ක්‌ දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවා ඔවුන් දැනුවත් කර භාරදීමටද සිදුවිණි.

කුරුණෑගල වැව රවුමේ ගැවසෙන මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ දිවා රාත්‍රියේ සේවයේ යොදවා සිටින බවද ප්‍රධාන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවසීය.