Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 06
2,271
Views
වැසිකිළි පද්ධති තුළ සඟවා සවිකර ඇති කැමරා සොයාගැනීම සඳහා ලෝක ප්‍රසිද්ධ නගරයක් විශේෂ පියවරක් ගෙන තිබෙනවා.මෙම සිදුවීම වාර්තාවන්නේ දකුණු දකුණු කොරියාවේ සෝල් නගරයෙන්.

එම නගරයේ සාමාන්‍ය ජනතාව භාවිතයට ගනු ලබන වැසිකිළි පද්ධතිවල රහසිගත කැමරා සවිකර ඇති බවට මීට පෙර අවස්ථා ගණනාවකදී වාර්තා වූවා.

ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට මීට පෙර මසකට වරක් වැසිකිළි පද්ධති පරීක්ෂා කිරීම සිදුකෙරුනා.

මෙලෙස "රහස්‍ය කැමරාගත අසභ්‍ය දර්ශන" පිළිබඳ සිදුවීම් 6,000 ක් පසුගිය වසර තුළ සෝල් නගරයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව වැසිකිලි තුළ මෙන්ම ඇඳුම් මාරු කරන කාමර තුළද කැමරා සඟවා තිබීම මේ වනවිට දකුණු කොරියාව තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

මේ අනුව එරට බලධාරීන් තීරණය කර ඇත්තේ එම වැසිකිළි පද්ධති තුළ දිනපතා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටයි.

රහසිගතව සවිකරන මෙවැනි කැමරා මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයකදී ඉවත්කරගන්නා බැවින් ඒවා සවිකරන පුද්ගලයන් හඳුනාගැනීම අපහසු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙලෙස වැසිකිළි සහ ඇඳුම් මාරුකිරීමට සකසා ඇති ස්ථානවල කැමරා සවිකිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී පුද්ගලයන් 5400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ඉන් දඬුවම් හිමිව ඇත්තේ සියයට දෙකක් පමණ සුළු ප්‍රමාණයක් බවත් වාර්තා වනවා.

මේ අතර උද්ගතව ඇති මෙම තත්වය පාලනය කිරීම සඳහා එරට පොලිසිය විසින් රහසිගතව පටිගත කෙරෙන බවට හැඟවෙන නිෂ්පාදනය කරනලද ත්‍රාසජනක වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඒවායේ ප්‍රථමයෙන් දැක්වෙන්නේ ඇඳුම් මාරුකිරීමේ අවස්ථාවක් වුවත් අවසානයේ එය නරඹන පුද්ගලයා තිගැස්මකට ලක්කරන දර්ශන ඇතුලත්.

මේ අතර දකුණු කොරියාවේ මෙලෙස රහසිගත කැමරා සවිකරීමට විරෝධය පළකරමින් සිදුකෙරෙන විරෝධතාද උත්සන්නව තිබෙනවා.
















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top