Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 05
2,202
Views
පාසල් විනෝද චාරිකාවකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ වැසිකිලියක් තුළ පාසල් සිසුවෙකු සමග ලිංගිකව එක්වූ බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බව එම පාසලේ ගුරුවරියක පොලීසිය හමුවේ පවසා තිබේ.බ්‍රිතාන්‍ය ජාතික එලීනර් විල්සන් මෙම චෝදනාවට ලක්ව සිටින්නේ වර්ෂ 2015 දී සිදුවූයේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙනි.

තමාට එරෙහිව නැගෙන චෝදනා කාම චිත්‍රපටයක් සම්බන්ධයෙන් නැගෙන චෝදනා වැනි යැයි පවසන ඇය, එය මෙම චෝදනාව කරන සිසුවාගේ හිතලුවක් බව ඇය අධිකරණය හමුවේ පවසා ඇත.

29 හැවිරිදි වියේ පසුවන විල්සන්, වයස 18ට අඩු දරුවෙකු සමග ලිංගිකව එක්වීමක් මූලික කරගෙන තමාට එරෙහිව නැගෙන චෝදනා 4ක් තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

මෙම සිද්ධියට සම්බන්ධ සිසුවා මෙන්ම, එම සිද්ධියට අදාළ පාසල පිළිබඳ තොරතුරු අධිකරණය මගින් වසන් කර ඇත්තේ නීතිමය හේතූන් පදනම් කරගනිමිනි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top