Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 03
1,718
Views
පාතාලයේ වැරදුන ඉලක්‌කයකට ගොදුරු වී බරපතළ තුවාල සහිතව රාගම ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක්‌ කර ඉන් පසු මියගිය ඈන් රසිකා රොයල් නමැති කාන්තාව 40 හැවිරිදි දෙදරු මවක්. මේ අනෙපේක්‌ෂිත සිද්ධියට මුහුණ පෑවේ ඇය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ නව ළදරු පාසලට නාමපුවරුවක්‌ ගෙන ඒම සඳහා තම 9හැවිරිදි දියණියත් සමග තම මෝටර් රිය පදවාගෙන ජාඇලට යමින් සිටියදී කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටියේදීයි.

පොලිසිය පවසන්නේ සිද්ධිය වූ දින උදේ අපරාධ ගණනාවකට සැකකරන වස්‌කඩුවේ අජිත් නමැත්තකු කිසියම් අපරාධයක ඇප කොන්දේසි මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ පෙනී සිට යමින් සිටියදී කිසියම් පිරිසක්‌ තමන් ලුහුබඳින බවට පොලිසියට පැමිණිලි කොට ඇති බවයි.

පොලිසිය පවසා සිටින්නේ මේ සිද්ධි දෙක අතර සම්බන්ධයක්‌ ඇති බවට සැකකරන බවද සැකකරුවන්ගේ ඉලක්‌කය වී ඇත්තේ අජිත් නමැත්තා විය හැකි බවත් සැකකරුවන්ගේ ඉලක්‌කය වැරදී මේ කාන්තාව ඊට ගොදුරු වී ඇති බව ලද තොරතුරු මත සැකකරන බවත්යි.

මෙසේ වෙඩි වැදි මියගොස්‌ ඇති ඈන් රසිකා දිගු කලක්‌ තම සැමියා වූ දීපාල් කොස්‌ටා සමග ඉතාලියේ රැකියාව කොට තිබේ.

ඇගේ සැමියා අදටත් රැකියාව කරන්නේ ඉතාලියේය.

මීට වසර අටකට පමණ පෙර තම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ගැන සිතා ඇය ලංකාවට පැමිණ තිබෙනවා.

ලංකාවට පැමිණි ඇය තම දරු දෙදෙනා සීදුව සාන්ත තෝමසුන්ගේ ජාත්‍යන්තර විදුහලට ඇතුළත් කොට ඇත 9 හැවිරිදි එලිසා පස්‌වන ශ්‍රෝණියේත් 12 හැවිරිදි පුතා ජුලියර් සත්වැනි ශ්‍රෝණියේත් ඉගෙනුම ලබමින් සිටියි.

ඇයගේ දෙමාපියන් සහ අසල්වැසියන් පවසන අන්දමට කොයි කාගේත් හොඳ හිත දිනාගෙන සිටි ඈන් රසිකා ගුණ යහපත් වීරියවන්ත ගැහැනියක්‌ පමණක්‌ නොව යහපත් දුවක්‌ හා ආදරණීය බිරිඳක්‌ මවක්‌ ද වූවා.

මෙතෙක්‌ කල් ඇයත් ඇගේ දරුදෙදෙනාත් ජාඇල කපුවත්තේ වැලිකුරුඳුවත්තේ අංක 95 දරන නිවසේ පදිංචිව සිට ඇති අතර දැනට එම නිවෙසද වසා දමා තිබෙනවා.

තම මවට වෙඩි වදින අවස්‌ථාවේ එම රථයේ යාබද අසුනේ සිටි එලිසා දුව මේ වන විටත් බියවී යම්කිසි පීඩනයකින් ආතතියකින් පසුවන බව පෙන්නුම් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වීමට විශේෂ කණ්‌ඩයම් දෙකක්‌ යොදවා ඇති බව කැලණිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පෙලිස්‌ අධිකාරි උපාලි ජයසිංහ මහතා පවසයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top