Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 01
644
Views
යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ 26 හැවිරිදි තරුණියක් ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.වව්නියාව පොලිසිය පැවසුවේ පොලිසිය සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී යතුරුපැදියේ ආසනය යට සඟවා කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 620 ක් ප්‍රවාහනය කළ තරුණියක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

වව්නියාව ඕමාර්සින්නකුලම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් ‍එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

සැකකාර තරුණිය කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක‍ ‍සේවය කරන අතර, කොළඹ ප්‍රදේශ‍යේ බෙදා හැරීමට මෙලෙස ගංජා රැගෙන ගොස් ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණිය අද (01) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top