Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 25
358
Views
ලාංකික තරුණ තරුණියන් විසින් පිදුරංගල ගල මතට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ලබා ගනිමින් ඒවා මේ දිනවල සමාජජාලා වෙත මුදා හැරීමට කටයුතු කරමින් පවතිනවා.

 
මේ අතරතුරේ ඇතැම් තරුණයින් විසින් මෙම ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයට අපහාස වන අන්දමින් අඩ නිරුවත්ව ඡායාරූප ලබා ගනිමින් ඒවා සමාජ ජාලා වෙත මුදාහරින ආකාරයද දැකගන්නට ලැබෙනවා.

ඒ අනුව ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කොට ඒම පිරිස නීතියේ රැහැනට හසු කරගත යුතු බව පිදුරංගල රජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් ප්‍රකාශ කරනවා.

සීගිරිය සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈතින් පවතින ස්ථාන වන අතර අතීතයේ මහ රහතුන් වැඩ සිටි සීගිරිය බළ කොටුවක් වන කාල සීමාවේදී එහි වැඩ සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීමට සඳහා පිදුරංගල නමින් ආරාම සකසා පූජා කළ බව  ඉතිහාසයේ සඳහන් වනවා.

කෙසේ වෙතත් පිදුරංගල පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැති වීම නිසා අදාළ තරුණයින් මෙලෙස හැසිරෙන්නට ඇති බවත්, මේ පිළිබඳ සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සීගිරිය පුරාවිද්‍යා  කාර්යාලයේ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top