Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
657
Views
යුද සමයේදී මිසයිල ප‍්‍රහාරයකින් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් විල්පත්තු වනාන්තරයට බිම හෙලීමේ සිද්ධියේ දෙවන විත්තිකරු සහකාර පොලිස් අධිකාරීවරයෙකු හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇති බව අනුරාධපුර මහාධිකරණයේදී අනාවරණ වුණා.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී රුවන් ප‍්‍රසන්න අල්විස් සාක්ෂි ලබාදෙමින් මේ බව සඳහන් කළා. නඩුවේ දෙවන විත්තිකරු වන නල්ලාමි ශිවලිංගම් නැමැත්තා තමාට සහකාර පොලිස් අධිකාරීවරයෙකු හමුවී පාපොච්චාරණය කිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ බවත්, ඒ අනුව ඔහුට අදාළ පාපොච්චාරණය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි සහකාර පොලිස් අධිකාරී රුවන් ප‍්‍රසන්න අල්විස් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සදහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top