Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 23
1,018
Views
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති The miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජන කිරුළ දිනාගෙන තිබෙනවා.ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති The miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජන කිරුළ දිනාගෙන තිබෙනවා.

 

ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සීමාවාසිකව පුහුණුව ලබමින් සිටින වෛද්‍යවරියකි. මේ ගැන දැනගැනීමට දැනට ඔස්ට්‍රේලියාවේ මේ තරගයට සහභාගි වී සිටින වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පුවත්පතකට මෙසේ සදහන් කර තිබුණා.


ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි. තවමත් ජයග්‍රහණය කළා කියලා හිතාගන්නවත් බැහැ. ඒක හරියට හීනයක් වගේ. නමුත් මගේ හිතේ ක්‍රවුන් එක ගන්නවා කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. 

ඒ සතුට කියලා නිම කරන්න බෑ.

තරගයට ඉදිරිපත්වෙනකොට කිරුළ ඔබ ට හිමිවෙයි කියලා හිතුවාද?

ඔව්. පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ඒත් මුලදි මම මේ තරගයට ඉදිරිපත් වෙන්න සුදුසු තත්ත්වයක නෙමෙයි හිටියේ. නමුත් මම ඒ වෙනුවෙන් හුගාක් කැපවුණා. මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත මගේ ශරීරයේ බර අඩුකරගෙන හොදට ව්‍යායාම කරලා තමයි ඉදිරිපත් වුණේ. ඒ හින්දා තමයි මට මේ කිරුළ දිනාගන්න පුළුවන් වුණේ. 

මේ ජයග්‍රහණය පසුපස සිටින්නේ කවුද?

මගේ ආත්මවිශ්වාසය. ඒ හැරුණු කොට විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක්, වෙබ් අඩවි, මාධ්‍ය ආයතන මට ගොඩක් උදව් කළා. විශෙෂයෙන් මාධ්‍යයෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මට කිසිම වෙනසක් කළේ නෑ. ඒ හින්දා මට මේ කිරුළ ලබාගන්න පහසුවුණා. 

කිරුළ පළදින වෙලාවේ මොනවාද හිතුණේ ?

ඇත්තටම මට මුලින් මේ කිරුළ අහිමිවුණාද කියලත් හිතුණා. එක්වරම මගේ නම කියද්දී හිතාගන්නවත් බැරිවුණා. ඒක වචනවලින් කියන්න බෑ. ලාංකික ධජය ලෝකය ඉදිරියේ ලෙළදුණා. මගේ හීනය සැබෑ වුණා කියලා මතක් වුණේ. ලංකාවේ ධජය ලෝකය ඉදිරියේ ලෙළදුණා. මට සතුට දරාගන්න බැරිව වේදිකාවේ කෑ ගැසුණා. 

ඔබේ ජයග්‍රහණය ගැන ලංකාවේ සිටින අය මොනවාද කිව්වේ ?

මගේ මුහුණුපොත හරහා වගේම අන්තර්ජාලය හරහා ගොඩක් දෙනෙක් මට සුභ පැතුවා. ඒ වගේම මට මේ වෙලාවේ ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ ලැබෙන සුභපැතුම් සියල්ලටම ප්‍රතිචාර දක්වන්න නොලැබීම ගැන මේ වෙලාවේ ඒ සියලූ දෙනාගෙන්ම සමාව අයදිනවා. මට සුභපැතුම් එවූ සියලූ දෙනාටම ස්තූතියි. 

ඉස්සරහට මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ ?

මට අන්තර්ජාතික වශයෙන් ලොකු දේවල් කරන්න අවස්ථාවක් ලැබේවි. නමුත් ලංකාවේ රැදෙන නිසා මම හිතාගෙන ඉන්නේ හොද නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න. දැනටමත් මට චිත්‍රපට රැසකට ආරාධනා ලැබිලා තියෙනවා. 

නුවන්දිකා රගපෑමට එනවාද?

රගපෑමට එනවා. ඒක බොහෝ විට හොදින් තෝරා බේරාගෙන සිදුකෙරේවි. 

මේ ජයග්‍රහණයත් සමග ඔබේ ජීවිතයේ මොනවගේ වෙනස්කම් සිදුවේවිද?

මගේ චරිතයේ නම් කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. ප්‍රසිද්ධියක් ඇතිවේවි. ඉදිරියේදී ලොකු කාර්යබහුලත්වයක් ඇතිවේවි. නමුත් මේ සියල්ල සමබරව සිදුකරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. 

වෛද්‍ය වෘත්තියෙන් සමුගන්නද සූදානම ?

මට පුළුවන් තාක් වෛද්‍ය වෘත්තියේ රැදී සිටිනවා. ඔය අතරේ මගේ අනෙක් දක්‍ෂතා එළිදක්වන්න සූදානමින් ඉන්නේ. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top