Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 21
811
Views

ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂ ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරාකියන්නේ තිසර කියන්නේ ක්‍රිකට් වලට වගේම තමන්ගේ පෙම්වතියටත් හුඟක් ආදරය කරනකෙනෙක්, ඒ ආදර කතාවේ ආරම්භය ගැන තිසරගේ ආදරණීය බිරිඳ ෂෙරමි දිනුෂිකාපෙරේරා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.ඒ කාලෙද මේ කාලෙද වැඩිය හොඳ?

හතරවසරේ ඉඳන් අපි දෙන්නා යාළුවෝ. ඕලෙවල් පංතියේදී තමයි ආදරේ කරන්න පටන්ගත්තේ.පෙම්වතුන් වෙලා හිටපු කාලෙට වැඩිය විවාහයෙන් පස්සේ හොඳයි කියලාහිතෙනවා. එතකොට දෙපැත්තකනේ හිටියේ. දැන් හොඳයි. දැන් අපි දෙන්නට අපි දෙන්නාළඟ ඉන්නවානේ.

ගෙදර වැඩවලට ලබාදෙන සහයෝගය?

ගෙදර හැමදේම ගැනගොඩක් හොයලා බලනවා. මං බැලූවේ නැතත් එයා බලනවා.ගෙදර කාලය ගත කරන්න එයාහුඟක් කැමැතියි. ගෙදර ඉන්න වෙලාවට හැමදේම හොයලා බලලා කරනවා. ගෙදර තියෙනෆර්නිචර් වුණත් පරණ වුණාහම එයා තමයි කියන්නේ දැන් මේක පරණයි මාරු කරමුකියලා.
ගෙදර තියෙන හැමදේම වගේ එයා ඩිසයින් කරලා එයාම සකස් කරවපු දේවල්.



ෂෙරමිට උදව් කරනවද?

උදව්කරනවා කියන්නේ ඔම්ලට් එකක් වගේ දේවල් හදලා දෙනවා.ඔම්ලට් එක හදන්න දන්නවා.ඒක රසට හදනවා. වෙන මුකුත් නං දන්නේ නෑ. අපි ඉතිං ගොඩක් ගෙදර ඉන්න දෙනවත්අඩුයිනේ. එයාට පුළුවන් විදිහට උදව් කරනවා.

තිසරගේ අකමැතිම ගතිගුණය?

එහෙමනෑ ඉතිං. ගොඩක් නරක ගති එයා ළඟ නෑ.ටිකක් හරි තරහ යන්නේ පාරේ වාහනය පදවද්දීඅනිත් අය වැරදි දෙයක් කළොත් ඔන්න ටිකක් තරහ යනවා. ඒ වගේ දේවල් වලට තමයිඉතිං තරහ ගියත්. ගෙදර අය එක්ක නං තරහ යන්නේ නෑ.



තිසරගේ විලාසිතා?

ෂෝපින්කරන්න ගියහම අපි වගේ ෂොප් දෙක තුනකට යන්නේ නෑ.එයා ආස බ්‍රෑන්ඩ් එකක්තියෙනවා නම් එක සැරේ එතැනට ගිහිං ගන්නවා. එයා ආස බ්‍රෑන්ඩ් කිහිපයක්තියෙනවා. ඒවාට හරිම ආසයි. ඒවම තමයි ගන්නේ. සාමාන්‍යයෙන් විලාසිතා වලටකැමැතියි.

කේන්ති ගියහම කොයි වගේද?

එයා ඒ වෙලාවට කතා කරන්නේ නෑ. කේන්ති ගියහම සද්ද නැතුව ඉන්නවා. හැබැයි උපරිම පැය භාගයක් ඉඳීවි. එච්චරයි. ඊට පස්සේ නිකන්ම කතා කරනවා.



දුක හිතුනම?

විශේෂයක්නැහැ. මොකද කිසිම දෙයක් එයා වැඩිය හිතට ගන්නේ නෑ.වැඩිපුර ලැබුණා කියලා ඒකහිතට අරන් හුඟක් සතුටු වෙන්නෙත් නෑ” දෙයක් නැති වුණා කියලා හුඟක් දුක්වෙන්නෙත් නෑ. එයා ඒ දෙකම උපේක්ෂාවෙන් විඳ ගන්නවා.

තිසරට ජීවිතේ නැතුවම බැරි කවුද?

ඒක නං එයා තමයි දන්නේ” මං දන්නේ නෑ. ප්‍රශ්නයකදී නම් එයා මාත් එක්ක තමයි හැමදේම කතා කරන්නේ.
හැමදේම ඇවිල්ලා කියන්නේ මාත් එක්ක. එයාට හැමෝම ඕනෑ. එක්කෙනෙක් කියලා නෑ.



සංචාරයට කැමැති කොහේද?

ලංකාවේනං නුවරඑළිය තමයි යන්න කැමැතිම. විදෙස් රටවල නම් ස්විට්සර්ලන්ඩ් යන්නකැමැතියි.ඉතාලි යන්න කැමැත්තෙන් ඉන්නවා. වෙලාව තමයි අඩු. වෙලාවක් ලැබුණොත්යනවා.

කවුද ළඟම යාළුවෝ?

යාළුවෝ හුඟක් ඉන්නවා. එයාට ඉස්කෝලේයාළුවොත් තාම ඉන්නවා.එයාලා තාමත් කතා කරනවා. තාමත් ගෙදර එනවා. ගෲප් හදාගෙනඒගොල්ලෝ කතා කරනවා. තමන්ගේ දේවල් ෂෙයාර් කරගන්නවා.



කැමැතිම ගායකයන්?

මමදන්න විදිහට එයාගේ කැමැතිම ගායකයා ක්ලැරන්ස්. ක්ලැරන්ස්ගේ සිංදු ගොඩක්අහනවා. ඒ වගේම රූකාන්ත ගුණතිලකටත් කැමැතියි. ගායිකාව නං මම දන්නේ නෑ” එහෙමකියලත් නෑ. ටී.එම්. ජයරත්නටත් මාර ආසයි. ඒ වගේම සුනිල් එදිරිසිංහටත් හුඟක්කැමැතියි. නිළියන්ගෙන් දීපිකා පදුකෝන්ට හුඟක් ආසයි.

ක්‍රිකට් ඇරුණුකොට දක්ෂ?

ඊටඅමතරව නම් එයා මුකුත් කරන්නේ නෑ. හැබැයි පාසැල් යද්දී එයා මුලින්ම කරලාතියෙන්නේ මලල ක්‍රීඩා. පස්සේ තමයි සර් කෙනෙක් කියලා තියෙන්නේ ක්‍රිකට්සෙල්ලම් කරන්න කියලා කියලා. පිහිනුම් තරඟ ජයග්‍රහණ වලින් නම් එයාට හරියටමෙඩ්ල්ස් තියෙනවා. පිහිනුම් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා එයාටතියෙනවා.



ප්‍රථම ප්‍රේමය ගැන කියලා තියෙනවාද?

දන්නවිදිහට එහෙම නම් ලොකු දෙයක් කියලා නෑ. අපි ඉතිං පුංචි කාලේ ඉඳන් දන්නවා සහඕලෙවල් පන්තිවලදී පෙම්වතුන් වුණා. මගේ නම් ප්‍රථම ප්‍රේමය තිසර. එයාගෙත්මම දන්න විදිහට මේ තමයි ප්‍රථම ප්‍රේමය.

මතකද දුන්න පළමු තෑග්ග?

ඒකනම් මතක නෑ. හැබැයි මං පුංචි කාලේ ඉඳන් එයා මගේ හැම උපන්දිනේටම උපන්දිනකාඩ් එවලා තියෙනවා. මම පුංචි නිසා ඒ දවස්වල අම්මා මට ඒවා දෙන්නේ නැතුව අරංතියලා.



අම්මාමට කිව්වෙත් නෑ. හැබැයි මෙහෙම සම්බන්ධයක් ගැන අම්මාට කිව්වට පස්සේ අම්මාඅරං තියලා තිබුණු ඒ කාඩ් ඔක්කොම මට දුන්නා” එහෙනම් මේවත් එවන්න ඇත්තේ තිසරවෙන්න ඇති කියලා.

විවේකයක් ලැබුණොත්?

විවේකයක් ලැබුණොත් කෑම හදාගෙන ගිහිල්ලා පාරේ ඉන්න අසරණ සතුන්ට” ඛෙත්තාරාම පිට්ටනියේ ඉන්න බල්ලන්ට කන්න දෙනවා.

පැටව්දාලා කෑම ටිකක් නැතුව සත්තු ඉන්නවා හරියට බඩගින්නේ. තිසරට පුළුවන්හැමවෙලාවේම ඒ සතුන්ට කෑම හදාගෙන ගිහිං කන්න දෙනවා. සතුන්ට කවුරුහරි හිරිහැරකරනවා දැක්කොත් නම් එයා කෑ ගහනවා. තිසර සතුන්ට හරිම ආදරෙයි












Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top