ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශ්රිත වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ දී ආරම්භ කරන බව විදුලි බල අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
මාඋස්සාකැළේ සහ කාසල් රී ජලාශ මූලික කර ගනිමින් එය ආරම්භ වෙනවා.
ජල විදුලි නිෂ්පාදනයට මතුව ඇති අභියෝග සමථයකට පත්කර ගැනීම එහි අරමුණයි.
තායිලන්තයේ සහාය මෙම වැඩපිළිවෙලට හිමිවන බවයි විදුලි බල අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
නියඟය හේතුවෙන් මතුවන ගැටළුවලට විසදුම් ලබාදීමටද ඉන් හැකිවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.