Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
426
Views

එක ගණිකාවකගේ මිළ විසිදහසක්


බොරලැස්‌ගමුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථාන තුනක්‌ වටලා එහි ගණිකා වෘත්තියේ නියෑලුණු කතුන් 12 දෙනකු සහ කළමනාකාරිනියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව බොරලැස්‌ගමුව පොලිසිය පවසනවා.


බොරලැස්‌ගමුව ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්‌ථානයක්‌ අසල ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන බවට බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක ද සිල්වා මහතාට ලද පැමිණිලි මත නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම ස්‌ථාන වටලා තිබෙන බවයි පැවසෙන්නේ. උපාය දූතයන් යොදවා මෙම ගණිකා මධ්‍යස්‌ථාන වටලා තිබෙන බවත් සදහන්.

අත්අඩංගුවට පත් කතුන් වයස 20 ත් 35 ත් අතර වන බවත්, ඔවුන් මොරටුව, බොරලැස්‌ගමුව, පදවිය, ශ්‍රීපුර, පස්‌සර, මඩපාත, පිළියන්දල, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන බවත් පොලිසිය පවසයි.

මෙම ස්‌ථානවලට එන ව්‍යාපාරිකයන්ට අදාළ තරුණියන්ව රුපියල් අටදහසේ සිට විසිදහසක්‌ දක්‌වා මිල ගණන් යටතේ අලෙවි කර ඇතැයි ද හෙළිව තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top