Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
620
Views
 පෙම්වතා විසින් කලක් ආදරය කළ සිය පෙම්වතියට පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා.

 

මේ පුවත වාර්තා වුණේ පිළියන්දල ප්‍රදේශයෙන්.

අදාළ තරුණිය බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටන් කිරීමෙන් අනතුරුව ඊයේ සවස මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ පිළියන්දල මඩපාත බෝවෑවල පදිංචිව සිටි සඳනී ගවුරිතා ජයසේකර නමැති තරුණියක්.

ඇගේ 25 හැවිරිදි පෙම්වතා පිළියන්දල ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි නිවස තුළදී මෙම අපරාධය සිදුකර ඇත්තේ පසුගිය 9 වැනිදා දහවල් කාලයේදීයි.

මෙම තරුණිය පෙම්වතා සමඟ ඇතිවූ බහින්බස්‌ වීමකදී පෙම්වතා පෙට්‍රල් රැගෙනවිත් ඇගේ ශරීරයට විසිකර ගිනි තබා ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මියගිය තරුණිය විසින් පෙම්වතා ඔහුගේ නිවස තුළදී තමාව පිච්චූ බව පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට පවසා තිබෙනවා.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (20 දා) කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top