Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
357
Views
Young Beauty 2018 තරගය ජයග්‍රහණය කළ කේෂරී නිරූපණ ක්ෂේත්‍රයට නවක ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන කේෂරී  මේ විදිහට කතාබහක දී තිබෙනවා .ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම කේෂරී වැලිකලගේ. මම දැනට නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා. ෆොටෝ ෂූට් කිහිපයකට සහ එක් මියුසික් වීඩියෝවකට දායක වෙලා තිබෙනවා. මගේ වයස අවුරුදු 18යි. මගේ ගම බොරලැස්ගමුවේ. මම young beauty 2018 පැජන්ට් එක ජයග්‍රහණය කරා.



ජයග්‍රහණය කළ පැජන්ට් එක ගැන කිව්වොත්?

ඒ පැජන්ට් තමයි young beauty 2018. පැජන්ට් එක සංවිධානය කළේ ඩොක්ටර් ප්‍රසාද් දේශප්‍රිය. අවුරුදු 21න් පහළ අය වෙනුවෙන් තමයි මේ පැජන්ට් එක සංවිධානය කළේ. මම ඒ පැජන්ට් එක ජයග්‍රහණය කළා. මම සහභාගී වුණු පළලමු පැජන්ට් එක තමයි young beauty 2018 කියන්නේ.



පළමු පැජන්ට් එකෙන් ජයග්‍රහණය කිරීම ගැන දැනෙන හැඟීම කොහොමද?

මම මුලින්ම මේ පැජන්ට් එකට ඇප්ලයි කළේ දිනන්නම නෙවෙයි. මට යම්කිසි දැනුමක් ලබාගන්නයි මම පැජන්ට් එකට ඇප්ලයි කරේ. ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇප්ලයි කළාට පස්සේ අපිට මාස තුනක පමණ පුහුණුවීමක් ලබා දුන්නා. මාස තුනක පුහුණුවීමකින් පස්සේ අවසානයේ ජයග්‍රහණය ලැබුණු එකට ලොකු සතුටක් තියෙනවා. පළවෙනි පැජන්ට් එකම වින් කරන්න ලැබීම මට ලැබිච්ච ලොකු අවස්ථාවක් කියලා හිතනවා.



කේෂරී නිරූපණ ශිල්පිනියක් ලෙස ඉදිරියටත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවාද?

ඔව්. මේ විදිහටම මම වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.






ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද?

අපි වැඩසටහන්වලට යද්දී අපිට ප්‍රවීණයෝ හමුවෙනවා. නවකයෙක් විදිහට ප්‍රවීණ නිරූපණ ශිල්පිනියන්ගෙන් ඉගෙනගන්න දේවල් රැසක් තියෙනවා. ඉතින් ප්‍රවීණ අයගෙන් ගන්න පුළුවන් දේවල් ලබාගන්නවා. තවම මට අවුරුදු 21ක් වත් නැහැ. ඉතින් මේ වයසෙදි පටන්ගත්තු ගමන දුර යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ප්‍රවීණ අයගෙන් ලබාගන්න දැනුම ඉදිරියට වැදගත් වෙනවා.



මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

මුලින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ලැබුණු ජයග්‍රහණය පිටිපස්සේ පවුලේ අය හිටියා. පැජන්ට් එක වින් කළාම ගෙදරින් ලොකු සහායක් ලැබුණා. දැන් හැමදේටම ගෙදරින් සහාය තිබෙනවා.



කවදහරි රංගනයට පැමිණෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

මම තවම අලුත් කෙනෙක්. පොඩි කාලයක අත්දැකීමක් මට තියෙන්නේ. ඉතින් තවම රංගනයට එන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් අත්දැකීම් අරගෙන දැනුමක් සහිතව ඉදිරියේදී රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් කරගෙන පියවරෙන් පියවර ඒ තැනට එන්න බලාපොරොත්තු වෙනවා.



ඔබට උදවු කරපු පිරිසක් ඉන්නවාද?

ඇත්තටම මේ තැනට ආවේ මම මගේ යාළුවෙක් නිසා. එයා තමයි මාව මේ පැජන්ට් එකට ඇප්ලයි කරන්න කියලා කිව්වේ. එයාගෙන් ලැබුණු සහාය තමයි මාව මේ තැනට ගෙනාවේ. ඊටපස්සේ ඩොක්ටර් ප්‍රසාද් දේශප්‍රිය සර් සහ එයාගේ කණ්ඩායම මතක් කරන්න ඕනේ. එතකොට මගේ ගෙදර අයව මතක් කරන්න ඕනේ.



කේෂරී ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

දැනට ෆොටෝෂූට් කිහිපයක් කරගෙන යනවා. හැමදේම බාරගන්නේ නැහැ. මට හොඳයි කියලා හිතෙන හොඳ දේවල් විතරයි මම කරන්නේ. හොඳ දේවල් සමග මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.



සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සජීව ලක්ෂාන්
















%

MCEPASTEBIN%
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top